සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 486

ත්‍යම්බක

පු. ඊශ්වරයා, තිසඹු. (පි. 310)

ත්‍යම්බකසඛ

පු. වෙසමුනි රජ. (පි. 310)

ත්‍යාදි

පු. ත්‍රයාදිය, තුණ ආදී ගණන්. (පි. 310)

ත්‍රස

√ භු. උබ්බෙගෙ, බියපත්වීමෙහි, ත්‍රසති, බියවෙයි. (පි. 310)

තා

√ දි. පාලනෙ, රැකීමෙහි, තායති, රක්ෂා කෙරෙයි. (පි. 305)

තාත

ති. රක්නා ලද්ද.
පු. පියා, තාත්තා. (පි. 305)

තාදි

පු. එබඳු, බුදුරජ. (පි. 305)

තාදිස

ති. එබඳු, එයාකාර. (පි. 305)

තාදිසක

ති. එබඳු, එයාකාර. (පි. 305)

තාන

න. රක්ෂා ස්ථානය, සැඟවියයුතු තැන, නිවන (පි. 305)

තාප

පු. කුකුස, තැවීම, එනම් නිරය. (පි. 305)

තාපච්ඡිද්ද

න. යතුරු සිදුර, යතුරු කපල්ල. (පි. 305)

තාපන

න. තැවීම, උණුසුම්කිරීම. (පි. 305)

තාපස

පු. තාපසයා, මුනි, ඍෂියා. (පි. 305)

තාපසතරු

පු. වැලපෙණ. (පි. 305)

තාපිඤ්ජ

පු. කමලු ගස. (පි. 305)

තාපෙති

ක්‍රි. (තප √ භු. තාපෙ, තැවීමෙහි ණෙ x ති) තවයි. (පි. 305)

තාමරස

න. පද්මය, පියුම. (පි. 305)

තාම්බුලි

ඉ. බුලත්වැල, නාගලතා. (පි. 305)

තාය

√ චු. තරණෙ එතෙර කිරීමෙහි, තායෙති, තායති, එතෙරකරයි.
√ භු. සන්තානෙ, නොසිඳ පැවැත්මෙහි, තායති, නොසිඳ පවතී. (පි. 305)

තායි

√ භු. වුද්ධියං, වෘද්ධියෙහි, තායිති, වඩයි. (පි. 305)

තාර

ති. ඉතා උස් හඬ. (පි. 305)

තාරකරාජා

පු. උලුරජ, චන්ද්‍රයා. (පි. 305)

තාරකා

ඉ. නක්ෂත්‍ර, ටිහිනිය, නෙත්‍ර මධ්‍යය, ඇහේ කළු ඉංගිරියාව.
ඉ. න. තරු, තාරකා. (පි. 305)

තාරණීය

පු. තරණය කටයුතු, එතර කටයුතු. (පි. 305)

තාරයති

ක්‍රි. (තර+ණය+ති+වූද්ධි) එතර කරයි. (පි. 305)

තාරා

ඉ. ටිහිනිය, තාරකා. (පි. 305)