සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 487

තාරාපථ

පු. තාරා ගමන් කරන මාර්‍ගය, අහස, ගුවන. (පි. 305)

තාරාසභ

පු. තාරානාථයා, චන්ද්‍රයා. (පි. 305)

තාල

පු. හිරයල්, මාපට ඇඟිල්ල හා තර්ජනිය විදහා ගත් කල අතර, කෙස්ස, තල් ගස, තූර්‍ය්‍යාවයව විශේෂයක් = තාලම්පට. (පි. 305)

තාලච්ඡිග්ගල

පු. කෙසි සිදුර, යතුරු කපල්ල. (පි. 305)

තාලපන්ත

න. තල්පත, කර්‍ණාභරණය, කන් තෝඩු. (පි. 305)

තාලවනට

න. තල් වැට, විජිනිපත, පවන් පත. (පි. 305)

තාලසද්ද

පු. අත්ලෙන් අත්ල ගැසීමේ ශබ්දය, අප්පුඩි ගැසීම, තාලම්පට ශබ්දය. (පි. 305)

තාලා

ඉ. කංස තාලාදි තූර්‍ය්‍ය භාණ්ඩ. (පි. 305)

තාලාවත්ථුක

පු. මස්තකය = කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද. (පි. 305)

තාලි

ඉ. තල්ගස, තලගස. (පි. 305)

තාලිස

පු. පතොක්. (පි. 305)

තාලු

න. තල්ල. (පි. 305)

තාලුජ

පු. තල්ලෙන් උපන්. (පි. 305)

තාව

අ. පරිච්ඡෙදාර්‍ථයෙහි, එපමණක්. (පි. 305)

තාවකාලික

ති. එතකල්, ඒ වේලාවට සුදුසු, ටික වේලාවක් පවත්නා, කාලික බලනු. (පි. 305)

තාවතක

න. එපමණ (පි. 305)

තාවතා

අ. එපමණ, එතෙක්. (පි. 306)

තාවතිංස

ඉ. තව්තිසා දෙව්ලොව (පි. 306)

තාවදෙ

අ. එකල්හි, එසමයෙහි. (පි. 306)

තාවදෙව

අ. එකෙණෙහිම, එවිට. (පි. 306)

තාස

√ චු. සංතරණෙ, එතර කිරීමෙහි, තාසෙති, තාසයති, එතෙර වෙයි. (පි. 306)

තාසු

√ චු. නිවාරණෙ, අනවරණයෙහි, තාසෙති, තාසයති, නිවාරණය කරයි. (පි. 306)

තාළ

පු. කෙස්ස, තුර්‍ය්‍යාවයවය, වෘක්ෂ විශේෂය = තල්. (පි. 306)

තාළෙති

ක්‍රි. (තළ+ණෙ ති) තළවි, තළ බලනු. (පි. 306)