සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 488

ති

ති. ත්‍රිසඞඛ්‍යාව, තුණ. (පි. 306)

තිංස

තිංසති - ඉ. තිසයි, 30. (පි. 306)

තික

√ භු. ගතියං, යාමෙහි, තෙකති, යෙයි.
පු. තුන්දෙනෙකුන්ගේ සමූහය, ත්‍රිත්වය.
√ සු. හිංසායං, පෙළීමෙහි, තිකුණති, පෙළයි. (පි. 306)

තික්ඛ

න. තියුණු, යකඩ. (පි. 306)

තික්ඛත්තු

අ. තුන්වරක්. තුන්විටක්. (පි. 306)

තික්ඛින්ද්‍රිය

න. තියුණු ඉන්ද්‍රිය ඇත්තා. (පි. 306)

තිකාල

පු. අතීතානාගතවර්‍තමාන යන කාල තුණ. (පි. 306)

තිකාලවිදූ

පු. තුන්කල් දත් තැනැත්තා, සර්‍වඥයන් වහන්සේ. (පි. 306)

තිකිච්ඡක

පු. පිළියම් කරන්නා, වෛද්‍යයා. (පි. 306)

තිකිච්ඡති

ක්‍රි. (කිත, √ භු. රොගාපනයනෙ, රොග සුව කිරීමෙහි +ති) සුවකරයි. (පි. 306)

තිකිච්ඡන

න. පිළියම් කිරීම, වෙදකම් කිරීම. (පි. 306)

තිකිච්ඡා

ඉ. පිළියම, වෙදකම, වෛද්‍යශාස්ත්‍රය. (පි. 306)

තිකූට

පු. ත්‍රිකූට පර්‍වතය. (පි. 306)

තිඛිණ

ති. තියුණු, මුවහත් ඇති. (පි. 306)

තිගොචර

පු. තිදෙනෙකුට විෂයවන. (පි. 306)

තිචීවර

න. දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය යන සිවුරු තුණ. (පි. 306)

තිජ

√ භු. නිසානෙ, තියුණු කිරීමෙහි, තෙජෙති, තෙජයති, තියුණු කරයි,
√ භු. නිසානෙ, තියුණු කිරීමෙහි, තෙජෙති, තියුණු කරයි, මුවහත් කරයි.
√ භු. ඛමායං, ඉවසීමෙහි, තිතික්ඛති, ඉවසයි. (පි. 306)

තිට්ඨ

ක්‍රි. සිටුව යනාර්‍ථ ඇති ක්‍රියාවක්. (පි. 306)

තිට්ඨති

ක්‍රි. (ඨා = තිට්ඨ+ති) සිටියි, නවතියි. (පි. 306)

තිට්ඨන්ත

ති. සිටීම, නැවතීම. (පි. 306)

තිණ

න. තෘණ, තණ, තණකොල. (පි. 306)

තිණගහණ

න. තෘණග්‍රහණය, තණ ලැහැබ. (පි. 306)

තිණව

පු. පණාබෙර. (පි. 306)

තිණවත්ථාරක

පු. තණ ඇතිරිය, කලාලය, තෘණවලින් වැසීම, එනම් විනය කර්‍මය. (පි. 306)