සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 489
තිණසන්ථාරක
පු. තෘණ ඇතිරිය, තණ කොල ඇතිරිය, කලාලය. (පි. 306)
තිණහිසි
ඉ. තෘණ බිස්ස, තණකොල බිස්ස. (පි. 306)
තිණ්ණ
ති. එතෙරවන ලද, එතෙරවූ, එතර වීම. (පි. 306)
තිණ්හ
තියුණු, මුහත් කළ. (පි. 306)
තිණු
√ ත. අදනෙ, කෑමෙහි, තිණෙති, කයි. අනුභව කරයි. (පි. 306)
තිණුසූල
න. බෝලිද්ද ගස, තණසුල. (පි. 306)
තිත්ත
පු. තිත්තරසය, තෘප්තියට පැමිණියහු. (පි. 306)
තිත්තක
පු. දුම්මැල්ල, කොසඹ, තිත්ත දේ. (පි. 306)
තිත්තසාක
පු. ලුණුවරණ ගස (පි. 306)
තිත්ති
ඉ. තෘප්තිය, ඇතිවීම, සෑහීම. (පි. 306)
තිත්තික
ති. හොඳට පිරුණු, කට ළඟට පිරුණු. (පි. 306)
තිත්තිර
පු. තිත්වටුවා, වටුවා. (පි. 306)
තිත්තිරිය
පු. තිත්වටුවාට අයිති. (පි. 307)
තිත්ථ
පු. ගුණය, උපාය, තොටුපල, පවිත්‍රය, ජලය, ලබ්ධිය. (පි. 307)
තිත්ථකර
පු. ලබ්ධි ඇතිකරන්නා, තිර්ථකයා. (පි. 307)
තිත්ථඤ්ඤුතා
ඉ. තීර්ථක ඥානය. (පි. 307)
තිත්ථායතන
න. තිර්ථායතනය, ලබ්ධි ඇති කරන ස්ථානය. (පි. 307)
තිත්ථික
පු. තීර්ථකයා, මිථ්‍යා ලබ්ධි ඇති කරන්නා. (පි. 307)
තිත්ථියසාවක
ති. තීර්ථක ශ්රාවකයා, මිථ්‍යා ලබ්ධි තීර්ථකයින්ගේ ශ්රාවකයා. (පි. 307)
තිත්ථියා
පු. තීර්ථකයා, තිත්ථිකයා. (පි. 307)
තිතික්ඛති
ක්‍රි. (තිජ, √ භු. ඛමායං, ඉවසීමෙහි +ති) ඉවසයි. (පි. 306)
තිතික්ඛන
න. ඉවසීම, ක්ෂමා කිරීම. (පි. 306)
තිතික්ඛා
ඉ. ක්ෂමාව, ඉවසීම. (පි. 306)
තිතික්ඛාවන්තු
පු. ඉවසන තැනැත්තා. (පි. 306)