සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 727
තවරු
නා.ප්‍ර. තවරන්නා; සිත්තම් කරන්නා; සිත්තරා.
තවලම
1. නා. (ගව, ඔටු, කොටළු ආදි) සතුන් පිට බඩු පටවා ගෙන තැනින් තැනට යන වෙළඳ කණ්ඩායම.
2. නා. සතුන් පිට පටවා ගෙන වෙළඳාමට ගෙන යන බඩු මලු; තවලම් පළ; තවලම් වෙළඳුන් නවාතැන් ගන්නා සේම භාණ්ඩ හුවමාරුවෙහි නොහොත් වෙළඳාමෙහි යෙදෙන තැන.
තවලම් සතා
(පාරිභා.) නා. තවලම් පොදි ඔසවා ගෙන යන සිවුපාවා (=pack animal).
තවලම්කාරයා
(කථා.) නා. සතුන් පිට බඩු පටවා ගෙන තැනින් තැනට වෙළඳාමෙහි යන තැනැත්තා.
තවලාව
(කථා.) නා. කැවිලි පෙවිලි ආදිය තැන්පත් කර ගෙන යන කූඩය හෝ පැස.
තවවල
නා.ප්‍ර. තවුස්දම් පිරීමට සුදුසු වන පෙදෙස; තාපසාරණ්‍යය.
තවස
නා.ප්‍ර. තවුස්දම.
තවසග
[තවස් + අග]
නා.ප්‍ර. තවුස්බව නමැති ගින්න.
තවසර
නා.ප්‍ර. තපස්චර්යාව; තවුස්කම.
තවසරා
නා. තාපසයා; තවුසා.
තවසිඳු
නා.ප්‍ර. තාපස නායකයා; ප්‍රධාන තාපසයා; නායක තවුසා.
තවසිරිම්
නා.ප්‍ර. තවුස්දම්හි හැසිරීම; තපස් චර්යාව.
තව්
නා.ප්‍ර. තාප; උණුසුම්; තාපය හෙවත් උණුසුම හා ආශ්රිත දෙය.
තව් කපනවා
ක්‍රි. නියන් ආදි උපකරණයකින් සිදුරු කපනවා.
තව් ගහනවා
ක්‍රි. මඳ අව්වේ වේලෙනවා.
තව් තහඩුව
(පාරිභා.) නා. මැහුම් යන්ත්‍රයේ කොටසක් වන සිදුරු සහිත තහඩුව (=slotted plate).
තව් දණ්ඩ
(පාරිභා.) නා. තව් විදින යන්ත්‍රයක විදුම් කටුව යෙදූ දණ්ඩ (=boring bar).
තව් මරනවා
(කථා.) ක්‍රි. පොල් අතු ආදියෙහි අමුගතිය අව් රශ්මියෙන් හෝ ගින්නෙන් තරමක් නැති කරනවා.
තව් මීටරය
(පාරිභා.) නා. විදුලිය, ගෑස් ආදිය ලබා ගැනීමට කාසියක් දැමීමෙන් ක්‍රියාත්මක කරවන මීටරය (=salt meter).
තව් විදිනවා
ක්‍රි. තොරපන; බුරුම ආදියෙන් සිදුරු විදිනවා.
තව්කටුව
(පාරිභා.) නා. සිදුරු විදීමට ගන්නා කටුව; සිදුරු විදින උපකරණය (=borer).
තව්ගැටි කටුව
නා. තව්වක ගැට්ට කපන ආයුධය; සිදුරක කෙළවර වඩා ලොකු විෂ්කම්භයක් ඇති වන සේ විදීමට යොදා ගන්නා ආයුධය.
තව්තිසාව
නා. සදෙව්ලොවින් එකක්; ශක්‍රයා ප්‍රධාන දෙවිවරුන් තිස්තුන් දෙනෙකු ආධිපත්‍යය දරන දෙලොව; තාවතිංසය; තිදස පුරය.
තව්බන්ද
නා. හැඩ කපනු ලැබීම සඳහා ලියවන පට්ටලයකට යොමු කරනු ලබන භාණ්ඩය සවි කරන යකඩ දණ්ඩ.
තව්ව
නා. ඇණ ආදිය සවි කිරීම සඳහා සාදාගන්නා සිදුර; හිල; ගුල.