සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 726
තලාකය
නා. (නීති.) (ඉස්ලාම් ධර්මය අනු ව) සැමියා අතින් දික්කසාදය සිදු කෙරෙන ප්‍රකාශය.
තලාකාර
(පාරිභා.) වි. (සිවි, සම්, පටල, ඇට ආදියෙහි) ඉතා තුනී තට්ටු වශයෙන් පිහිටි.
තලාකුළ
නා.ප්‍ර. කුඩා වූ මුදුන; පැතලි කඳු ගැටය.
තලාඞ්ගණය
නා. (නීති.) උඩුමහල් තලයට අයත් මළුව.
තලාටිය
නා. ගොඩ; ගොඩබිම.
තලාටු
1. වි. ගොඩබිමෙහි වූ.
2. වි. බිමින් ඉහළ තලයෙහි හෙවත් අහසෙහි වෙසෙන.
තලාතල චක්‍රය
(පාරිභා.) නා. ගොඩබිමේ උස සහ සාගරයේ ගැඹුර දක්වන ප්‍රස්තාර රේඛාව.
තලාතු
නා.ප්‍ර. තල අත්ත; ඉසිලීමට සකස් කළ තල අත්ත.
තලාතුකරුවා
නා. කුලීනයන්ට ගෞරව පිණිස හෝ අව්ව වැළැක්වීමට හෝ තලඅතු හිසට එසවීම සේවයක් වශයෙන් කරන්නා.
තලාතුමිනිරන්
නා.ප්‍ර. එකට බැඳුණු තුනී පතුරු වශයෙන් ඇති මිනිරන් විශේෂයක්.
තලාඳය
නා. හරස් කඳ; බාල්කය; තලාන.
තලාව
1. නා. වන මැද ඇති එළිමහන් බිම් පෙදෙස; තණබිම.
2. නා. මහා ප්‍රදේශය.
3. නා. කඳු අතර පිහිටි සමබිම; උස් සම බිම; සානුව.
4. (පාරිභා.) නා. පතුර; පටලය.
5. (පාරිභා.) නා. ක්‍රීඩාවක් හෝ ශාරීරික අභ්‍යාසයක් සඳහා වෙන් කළ ස්ථානය.
තලිකය
(කථා.) නා. භික්ෂුවකගේ පාත්‍රය ගෙන යෑම සඳහා රෙදිවලින් සකස් කරගත් පසුම්බිය; පාත්තර කොපුව; ථවිකාව.
තලිය
1. නා. භාජනය; තැටිය; පාත්‍රය.
2. නා. දණ්ඩකින් ගැසීමෙන් හඬ නංවන ලෝහ තැටියක් බඳු වාද්‍යය.
තලුදිව
නා. උඩුතල්ල කෙළවරෙහි වූ කුඩා දිව; තාලුජිහ්වාව.
තලුව
නා. කුඩා පාත්‍රය; කුඩා බඳුන.
තලෝනවා
(කථා.) ක්‍රි. උතුරා යනවා; පිටාර ගලනවා.
තව
1. නි. වැඩිමනත්; වැඩිපුර; අමතර.
2. නි. මේ වනතුරු; මේතාක්.
3. නි. ඒ වන තෙක්; ඒ තාක්.
නා. කෙලෙසුන් තැවීමේ ක්‍රියාව; තපස්චර්යාව; තවුස්දම.
තව බිම
නා. තාපසවරුන් වසන භූමි ප්‍රදේශය; තාපස භූමිය; තපෝ භූමිය.
තවඩම්වැළ
1. නා. නාට්‍යකරුවන්ගේ වෙස් ඇඳුමට අයත් උරවැළ.
2. නා. දකුණු අංශයේ පලඳින රන් මාලයක්.
තවතෙද
නා.ප්‍ර. තාපස භාවයෙන් ඇති වූ තේජස හෝ බල මහිමය; තාපස තේජස.
තවනවා
1. ක්‍රි. උණුසුම් කරනවා; තාපනය කරනවා; ගිනියම් කරනවා; රත් කරනවා.
2. ක්‍රි. පුලුස්සනවා; දවනවා.
3. ක්‍රි. සමනය කරනවා; මර්දනය කරනවා; මඬිනවා.
4. ක්‍රි. තැවුලට පත් කරනවා; දුකට පමුණුවනවා.
තවපැල
නා. තාපසයන් වසන ආරාමය; තවුසන් වසන කුටිය; පන්සල.
තවරනවා
1. ක්‍රි. ගානවා; ආලේප කරනවා.
2. ක්‍රි. සායම් ගානවා; සිත්තම් කරනවා.
3. ක්‍රි. ගනට අතුරනවා; බහුල ව විසුරුවනවා.