සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 725
තලහිරි
වි. තරාදියක් මෙන් එක බඳු අයුරින් පවතින; තුලා ආකාර.
තල්
නා. තාල වර්ගයට අයත් ව විශේෂයෙන් ඉන්දියාවේ සහ ලංකාවේ වියළි ප්රදේශවල වැවෙන්නා වූ ද, අවානක් වන් කවාකාර කොළවලින් යුක්ත වූ ද ශාකයක්.
තල් අත්ත
1. නා. තල් ගසෙහි පත්රය; තල් කොළය; කොළයෙන් සැදූ විජිනිපත.
2. නා. අවු වැසි වැළකීමට හිසට අල්ලන ආවරණය.
තල් කැන
නා. තල්මලේ නොපැසුණු ගෙඩි ගැවසී ගත් දිග රැහැන් සමූහය; තල්ගෙඩි වල්ල.
තල් කොලු
නා. තරුණ තල් ගස; නාඹර තල් ගස.
තල් වක්කන්න
නා. තල් කොළය; තාල පත්රය.
තල්කලන්
නා.ප්ර. තල් අංකුරය; තල් මොටියා.
තල්කොළ පිහිය
(කථා.) නා. ලිවීම පිණිස තල් කොළ කපා පිළියෙල කිරීමටත් තල්කොළ ලිවීමටත් භාවිත වන සිහින් කුඩක් ඇති පිහිය.
තල්පක
නා. තල් ගෙඩිය; තාල ඵලය.
තල්පත
1. නා. තල් ගසෙහි පත්රයක තල් කොළය; තාල පර්ණය.
2. නා. තල් පතෙහි ලියූ ලිපි; තල්පත් ලියුම.
3. නා. රදළයන් වැනි කුලීනයන්ට ගෞරවය පිණිස හිසට උඩින් අල්ලන ආවරණය; අවුඅත්ත.
4. නා. පැරණි සිංහල ආණ්ඩුවේ ලියවිලි විශේෂයක්.
තල්පත මලාව
නා. කෂාය මැනීම සඳහා කොළයෙන් සාදා ගැනුණු පැරණි මිම්මක්; තල්කොළ බෙහෙත් බඳුන හෙවත් ගොටුව.
තල්පත් වඩනකාරයා
නා. රජු හිසට තල්පත් අල්ලන්නා.
තල්පතු
නා.ප්ර. තල්ගසේ කුඩා පත්රය; ළා තල් කොළය.
තල්පී
නා.ප්ර. තල් පැළ මදය.
තල්බොර
නා.ප්ර. තල් සූකිරි; තල් හකුරු.
තල්ල
1. නා. තලිය; තැටිය.
2. නා. උඩ-යට දත් ඇදි සහිත මුඛ දෙ කොටස.
3. නා. විල; තටාකය.
4. නා. පර්වත ආදි කිසිවක ඉදිරියට නෙරා සිටින කොටස; තොල්ල.
5. (කථා.) නා. ඔරු කඳක කෙළවර; ඔරුකඳෙහි අග.
තල්ලු කරනවා
ක්රි. ඉදිරියට හෝ පසුපසට තෙරපනවා; තෙරපා ඈත් කරනවා.
තල්ලු දණ්ඩ
නා. මෝටර් රථ එන්ජිමේ වෑල්ව විවෘත කිරීම සඳහා නැමි දණ්ඩ මගින් ක්රියා කරන දණ්ඩ.
තල්ලු නෙරෙක්කු
නා. දුක් ගැහැට; හිරිහැරය.
තල්ලු වෙනවා
ක්රි. තැනකින් අන් තැනකට තෙරපී යනවා; සිටි නැතහොත් තිබුණු තැනින් ඉවතට ඇද වැටෙනවා.
තල්වැට
1. නා. තල් කොළ අවාන; වටාපත.
2. නා. තල් අත්ත.
තල්සෙය
නා. තල්ගසේ සෙවනැල්ල.
තල්හිළ
නා.ප්ර. තල් කෙන්ද.
තලා
1. නා.ප්ර. තිලකය.
2. නා.ප්ර. දියෙහි වසන කකුළුවා.
3. නා.ප්ර. සුදු ඊයම්.
4. නා.ප්ර. තලාතු මිනිරන්.
5. නා.ප්ර. තෙල්; තලතෙල්.
6. නා.ප්ර. වැහිවලාව.
7. නා.ප්ර. විල; තඩාගය.