සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 724

තලදණ්ඩ

නා. තරාදි දඬුව; තුලා දණ්ඩ.

තලදර්පණය

නා. පැතලි කණ්ණාඩිය; සමතල කැඩපත.

තලන්තය

නා. පැරණි කාසි වර්ගයක්.

තලපක්කඩ

නා. තල්ගෙඩියේ මඳය.

තලපත

1. නා. තල ගසේ කොළය; තල කොළය.
2. නා. ඉසලීමට තල කොළින් සාදා ගැනෙන ආවරණය.

තලපත්ත

(කථා.) නා. තලප හැදි ගාන පත්ත හෙවත් තුනී ලී පතුර; තලප හැන්ද.

තලපමැටි

(පාරිභා.) නා.ප්‍ර. සේදි අවුත් ජලාශයක් පත්ලෙහි තැන්පත් වන ඇඳුරු පැහැති ඉතා මෘදු මැටි වර්ගයක් (=ball clay).

තලපය

1. නා. කුරහන් පිටියෙන් හෝ කිතුල් පිටියෙන් උකුවට පිස ගන්නා කෑම විශේෂයක්.
2. නා. බත්තුළු අධික වන සේ පිසනු ලබන කැඳ.

තලපළු

නා.ප්‍ර. ශුද්ධ කළ තල; එළ තල.

තලප්පර

නා.ප්‍ර. පැරණි බෙර විශේෂයක්; තලප්පු; තලබෙරය.

තලප්පාව

නා. හිස අවුරා බැඳි රෙදිකඩ; හිස්වෙළුම; ජටාව.

තලප්පුව

(කථා.) නා. රංචුව; රෑන; රැළ; සමූහය.
(කථා.) නා. බෙර විශේෂයක්.

තලපූ

නා.ප්‍ර. තල මිශ්‍ර කොට සාදා ගන්නා කැවුම්; තල කැවුම්.

තලපෝරුව

නා. මඩ කුඹුරු මට්ටම් කිරීමට ගවයන් දෙදෙනෙකු බැඳ අදින පෝරුව.

තලබේද

නා.ප්‍ර. (සංගී.) තාල බෙදීම; තාලභේදය.

තලමසා

නා. මහමුහුදේ ජීවත් වන ක්ෂිරපායී ගණයට අයත් විශාලතම මත්ස්‍යයා.

තලමානය

(පාරිභා.) නා. සරල තලයක හෝ විෂම රූපයක හෝ ක්ෂේත්‍රඵලය සමස්තයක් ලෙස ගණනය කිරීමේ උපකරණය (=planimeter).

තලමුරු

1. නා.ප්‍ර. තෙල් මිරිකා ගැනීමෙන් පසු ඉතිරි වන තලරොඩ්ඩ; තිල කල්ක.
2. (කථා.) නා.ප්‍ර. තලවලින් තනා ගත් රසකැවිලි වර්ගයක්; තලගුළි.

තලය

1. නා. මතුපිට; සමතලාවත.
2. නා. ලෝකය.
3. නා. ප්‍රාසාදයක තට්ටුව; සොල්දරය; මාලකය; භූමකය.
4. නා. පහළ පෙදෙස
5. නා. උපකරණයක පැතලි කොටස; පිහි ආදියෙහි මුවාත ඇති කොටස.
6. නා. තුනී සිවිය; පටලය; ප්‍රතානය.
7. නා. කොළයක පුළුල් කොටස.
8. නා. පොත්ත.
9. (පාරිභා.) නා. සිරුරේ පිපුරූ කටුවක අන්තයන් බද්ධ කොට නො සැලී පවත්වා ගැනීමට ඉස්කුරුප්පු ඇණ මඟින් සවි කරනු ලබන පැතැලි ලෝහ ඵලකය. (=plate).
10. (පාරිභා.) නා. මට්ටම; සමතලය.
11. නා. ග්‍රහලෝක ගමන් කරන මාර්ගය; කක්ෂය.
12. නා. තරාදිය; තුලාව.
13. නා. බාල්කය; තලාඳය.
14. නා. සමූහ; කණ්ඩායම; පිරිස; රංචුව; නඩය.
15. නා. මුදුන; ශීර්ෂය; මස්තකය.
16. නා. බෙහෙත් බඩු කිරීමේ ඒකකයක්.

තලවඩි

1. නා.ප්‍ර. තිලකය මද්‍යසාර විශේෂයක්; අරක්කු සාරය.
2. නා.ප්‍ර. තලතෙලේ මුල් පාකය.

තලවාකර

නා.ප්‍ර. මද්‍යසාර විශේෂයක්; දෙවරක් පෙරූ අරක්කු.

තලවිඩියාව

(කථා.) නා. නොඉවසුම් ගතිය; ඉක්මන් ගතිය.

තලවුව

1. නා. සමතලා භූමිය; තැනිතලා ප්‍රදේශය; තලාව.
2. (කථා.) නා. වේදිකාව; පදික වේදිකාව.
3. නා. අත්තිවාරම; අඩිතාලම; පදනම.
4. නා. (මෝටර්) සිදුරු කට.
5. නා. මහන යන්ත්‍රයෙහි කොටසක්; රෙදි වියන යන්ත්‍රයට අයත් අළුවේ නඩාව දුවන ලෑල්ල.

තලසුනු

1. නා.ප්‍ර. තල කුඩු; තලපිටි.
2. නා.ප්‍ර. තලසුනුවලින් සෑදූ කැවිලි වර්ගයක්; තලමුරුවට.