සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 723

තල කෝල්ටරය

නා. පස් පිඩැලි කැපී වෙන් වීම සඳහා නඟුලට යොදන යකඩ කොටස; තලයක හැඩයේ කෝල්ටරය.

තල ජ්‍යාමිතිය

(පාරිභා.) නා. සමතල වස්තු පිළිබඳ ජ්‍යාමිතිය (=plane geometry).

තල පෘෂ්ඨය

නා. සමතල වූ මතුපිට; සමතල පෘෂ්ඨය.

තල බිත්තිය

නා. පැළලි බිත්තිය; බිත්තියක් සේ පොතු ආදියෙන් කළ ඇවුරුම.

තල බින්දුව

නා. තල ඇටයක පමණ ප්‍රමාණය; ඉතා මඳ පමණ; ස්වල්ප ප්‍රමාණය.

තල රූපය

නා. සමතල පෘෂ්ඨයක පිහිටි දිග හා පළල යන මාන දෙකේ ඇති රේඛා චිත්‍රය.

තලඅඩිය

නා. තල අතු සෙවිළි කොට හෝ එම අතුවලින් ආවරණය කරන ලද නවාතැන්පළ; තලකොළ වාඩිය.

තලඅවතල

(පාරිභා.) වි. පැත්තක් සමතල වූ සහ අනෙක් පැත්ත අවතල ද වූ (=plano concave).

තලඇට පීර

(කථා.) නා. ස්වර්ණාභරණ සඳහා සෑදීම ගැනෙන කුඩා පීරි වර්ගයක්.

තලඑළලු

වි. පාහින ලද තල ඇටයේ වර්ණය ඇති; සුදට හුරු පැහැපත් වර්ණ වූ.

තලකඩුප්පුව

නා. හිස්වෙළුම; තලප්පාව; ජටාව; තලක්කට්ටුව.

තලකළුව

නා. උපතින් ම සිරුරෙහි ඇති වන ලප විශේෂයක්; උපන් ලපය.

තලක්කට්ටුව

1. නා. (පවුරු ආදියෙහි) මුදුන; මස්තකය.
2. නා. තලකඩුප්පුව .

තලක්කම

නා. හිස මුදුන් කොට බැඳි කොණ්ඩය.

තලකාසි

(කථා.) නා. වට්ටම් දීමනාවක්; තමන් යටතේ වැඩ කරන පුද්ගල සංඛ්‍යාව අනු ව වතු කන්කානින්ට දෙන ලද වට්ටම.

තලකුළාව

නා. මුදුන පැතලි කඳු ගැටය.

තලකුළු

නා.ප්‍ර. තුලාව හෙවත් තරාදිය ඇසුරෙන් කරනු ලබන වංචාව; වංචනික ලෙස තරාදියෙන් බර කිරීම; හොරට බඩු කිරීම; තුලාකුට.

තලගමැස්ස

(කථා.) නා. ධාන්‍ය ඇහිරීම සඳහා සාදන මැස්ස හෝ අටුව.

තලගර

[තල + ගර]
නා.ප්‍ර. තල පැළෑටියේ දඬු පුලුස්සා ගත් අළු; තිලක්ෂාර.

තලගාව

1. නා. ඉසලීමට පාවිච්චි කරන තල අත්ත; තලපත් කූඩය.
2. නා. තලපත් සෙවිලි කොට තනාගනු ලබන කුටිය.

තලගිරි

නා.ප්‍ර. තරාදිය; තුලාව.

තලගෙය

නා. ධාන්‍ය අසුරන ගෙය; කොටුගෙය; ධාන්‍යාගාරය.

තලත්තණ්ඩුව

1. (කථා.) නා. මා දැල් දැමීමේ දී ප්‍රයෝජනයට ගන්නා රිට; ධීවර ආම්පන්නයක්.
2. නා. පල්ල ඇල්ලීම සඳහා යොදන හබල.

තලතුනා

වි. වයසින් මුහුකුරාගිය; වයසින් නුවණින් මේරූ; වැඩිහිටි; තලත්තානී.