සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 722
තරුණයා
නා. ළමා වයස ඉක්ම වූ තලතුනා වයසට නොපත් තැනැත්තා; යෞවනයා.
තරුණාර්ක
නා.ප්‍ර. පායාගෙන එන හිරු; ළහිරු.
තරුණාරුණ
නා. අලුත් අරුණාලෝකයක ඉර උදාවත් ම පැතිරෙන ආලෝකය.
තරුණාස්ථි
නා.ප්‍ර. ඇදෙනසුලු හා නැමෙනසුලු ඇට; මුදු මොළොක් ඇට.
තරුණිය
නා. තරුණ වියට පත් තැනැත්තිය; යොවුන් ස්ත්‍රිය; යුවතිය.
තරුණෝදක
[තරුණ + උදක]
නා.ප්‍ර. වැස්සෙන් පසු ගලා බස්නා ජලය; අලුත් වතුර.
තරුණෝන්මාදය
[තරුණ + උන්මාදය]
නා. තරුණකම නිසා ඇති වන මානසික ව්‍යාකූලත්වය; යොවුන්බව නිසා ඇති වන උමතුව.
තරුතර
නා. තරුවල රශ්මිය; තාරකා කාන්තිය.
තරුතෙපා
(පාරිභා.) නා.ප්‍ර. දිස්න යොදා මැටි භාණ්ඩ පිලිස්සීමේ දී ඒවා තබන උපකරණය (=star stilt).
තරුපති
[තරු + පති]
1. නා.ප්‍ර. චන්ද්‍රයා; සඳ.
2. නා.ප්‍ර. වෘක්ෂ නැමති ස්වාමියා.
තරුපිච්ඡා
නා.ප්‍ර. මැලියම්; ලාටු.
තරුමාලිමාව
(පාරිභා.) නා. පැතලි වස්තුවක උස මට්ටම මැනීමටත්, තාරකා අනු ව දිශා විනිශ්චය කර ගැනීමටත් භාවිත වූ පැරණි උපකරණයක් (=astrolabe).
තරුරජ
නා.ප්‍ර. සඳ; චන්ද්‍රයා.
තරුරුහා
නා.ප්‍ර. පරපෝෂිත පැළෑටියක නාමය; පිළිල.
තරුලනවා
ක්‍රි. යටැසින් බලනවා; හොරැහින් බලනවා; ඇහෙන් ඉඟිපානවා.
තරුව
1. නා. (විශේෂයෙන් රාත්‍රි කාලයෙහි) ආකාශයේ දීප්තිමත් ව බබළන ආකාශ වස්තුවක්; තාරකාව (=star).
2. නා. තාරක හැඩයෙන්යුත් සැරසිල්ලක්.
3. නා. ඇස්ගුළිය; ඇසිකිණිය; කළු ඉංගිරියාව.
තරුවාව
1. (කථා.) නා. විවාහ, ඉඳුල් කටගෑම වැනි මංගලෝත්සව.
2. නා. වැඩ කටයුතු.
තරුවැළ
නා.ප්‍ර. තරු සමූහය; තාරකා රාශිය; තාරකාවලිය.
තරුසණ්ඩ
නා.ප්‍ර. රුක් ගොමුව; තුරු වදුල.
තල
1. නා. ධාන්‍ය ශාකයක්.
2. නා. එම ශාකයෙන් ලැබෙන ධාන්‍යය.
3. නා. පුස්කොළ සෑදීමට ගොබ සපයන තාල වර්ගයේ ගසක්.
4. (සංගී.) නා. තාලය; තාලමානය.
5. නා. බෙර විශේෂයක්.
6. නා. (නළලේතබන) තිලකය.
තල අත්ත
1. (කථා.) නා. තල ගසේ අත්ත.
2. නා. පැරණි ප්‍රභූවරුන් ගේ හිසට ඇල්ලීම සඳහා භාවිත වූ අවුඅත්ත.
3. නා. භික්ෂූන්වහන්සේ පාවිච්චි කරන වටාපත.
තල අඳය
නා. යට ලී දෙකක් මත හරහට දමන බාල්කය; හරස් බාල්කය.
තල එළ කරනවා
(කථා.) ක්‍රි. තලඇට පාහිනවා; සුදු කරනවා.
තල කැලල
නා. උපතින් ම සිරුරෙහි ඇති වන ලප විශේෂයක්; උපන් ලපය.