සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 728
තව්වනවා
(කථා.) ක්‍රි. යම්තම් එල්ලා තබනවා; රඳවනවා.
තව්සම
(කථා.) නා. (ධීව.) සිදුරු විශාල කරන උපකරණය; තව්සායම.
තව්සැලි
වි. ස්ථිර නොවූ; තාවකාලික.
තවාඩිහාල්
තවාන
1. නා. පැළවීම සඳහා බීජ වර්ග වපුරා ඇති පාත්තිය හෝ බිම් කොටස.
2. නා. කොන්දේසි සහිත පොරොන්දු පත්‍රය (=bond).
තවාන් කරනවා
ක්‍රි. සකස් කරගත් භූමි ප්‍රදේශයක පැළ ලබා ගැනීම සඳහා ඇට හිටවනවා, නැතහොත් ඉසිනවා.
තවිකය
නා. බඩු ආදිය බහා රැගෙන යෑම සඳහා ගනු ලබන මල්ල පසුම්බිය; ථවිකාව; භික්ෂූන් පරිහරණය කරන පාත්‍ර වැස්ම.
තවුස් කද
නා. තාපසයින් විසින් පිරිකර එල්ලා ගෙන යාම සඳහා භාවිත කරන ලීය.
තවුස් පැවිද්ද
නා. තවුස් වෙසින් මහණවීම; තාපස ප්‍රවුජ්‍යාව.
තවුස් පිරිකර
නා. තාපසයින්ට අවශ්‍ය ජටා මඩුලු කෙණ්ඩි ආදි උපකරණ.
තවුස්දම්
නා.ප්‍ර. තාපසයින් විසින් පිරිය යුතු පිළිවෙත්; තාපස ධර්ම.
තවුස්වෙස්
නා.ප්‍ර. තාපසයකුගේ විලාසය.
තවුසා
නා. කෙලෙස් තවන්නා; තාපසයා.
තසයා
නා. තැති ගන්නා පුද්ගලයා; සන්ත්‍රාසයට පත්වන්නා; පෘථග්ජනයා.
තසරය
නා. රෙදි විවීමේ අවයව එහා මෙහා යවන හරස් දඬුකඩ; නඩාව.
තසි
නා.ප්‍ර. සැකය; කුකුස.
තසිත
වි. තැතිගත්; බිය වූ.
තසිනා
නා.ප්‍ර. තෘෂ්ණාව; ආශාව.
තහංචි කරනවා
(කථා.) ක්‍රි. තහනම් කරනවා; (සාම්ප්‍රදායික විවාහ මංගල්‍ය සිරිත් අනු ව) යම් යම් දේ තහනම් කරනවා.
තහංචිය
නා. (පැරණි සිරිත් අනු ව) යම් යම් දේ වැළැක්වීම; නිෂේධය; තහනම.
තහඩු
1. නා. ලෝහ, දැව ආදියෙන් සාදන ලද පැතලි, තුනී එක සමාන ගනකමින් යුත් පුවරුවක් හෝ ඵලකයක්.
2. නා. යාන්ත්‍රික කොටස් එක් රැස් කොට සාදනු ලබන කුඩා පැතලි අවයව ඒකකයක්.
3. නා. ඖෂධීය හෝ වෙනත් කල්කයකින් තනා ඝන වූ තට්ටුව; පැලැස්තරය.
තහඩු ලිපි
නා. ලෝහමය තහඩුවල ලියන ලිපි; තහඩුවල ලියූ ලේඛන.
තහඩුලෝම
නා. ලෝම වර්ග, කෙඳි ආදිය පදම් කිරීමෙන් සාදනු ලබන තුනී රෙදි හෝ රෙදි වැනි ද්‍රව්‍යයක්.