සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 729
තහත
නා. නැවැත්මක් නැති; අනවරතයෙන්; නිරන්තර.
තහනම
1. නා. යමක් නොකරන සේ පනවන නියෝගය; නිෂේධය.
2. නා. චාරිත්‍රානුකූල ව නොකළ යුතුය යන නියමය.
3. නා. නීති මගින් දේපළක් අත් අඩංගුවට ගැනීම හෝ යටතට ගැනීම.
4. නා. නැව් ගමන්, වෙළෙඳ කටයුතු ආදිය රජය මගින් අත්හිටුවීම.
තහනම් අරිනවා
ක්‍රි. පනවා තිබූ තහනමක් ඉවත් කරනවා.
තහනම් කරනවා
1. ක්‍රි. යමක් නොකරන සේ නියෝග කරනවා.
2. ක්‍රි. දේපළ ආදිය අත් අඩංගුවට ගන්නවා.
3. ක්‍රි. යම්කිසි ක්‍රියාවලියක් නීති මගින් අත්හිටුවනවා.
තහනම් ගහ
නා. (ක්‍රිස්ති.) බයිබලයේ සඳහන් පරිදි, ආදම් ඒව දෙදෙනාට ගෙඩි නොකන ලෙසට තහනම් කරමින් දෙවියන් වහන්සේ විසින් මවන ලද උයනේ වූ ගහක්.
තහනම් වට්ටිය
නා. මහනුවර සමයේ දී කුල පිළිබඳ ව නඩුවක චූදිතයා විසින් දඬුවම විඳීමෙන් පසු ඉන් මිදීමට මොහොට්ටාලට පිළිගන්වන සුදු ලේන්සුවක් අතුළ බුලත් තට්ටුව.
තහවුරු
වි. තිර; නොවෙනස්; ස්ථීර; ස්ථාවර.
තහුඩය
(කථා.) නා. කරදරය; හිරිහැරය; පටලැවිල්ල.
තළ
1. නා. පොකුණ; විල; ජලාශය.
2. නා. ඉවුර; වෙරළ.
3. නා. කඳු බෑවුම; බෙයද.
වි. තට්ට; මුඩු.
තළ ඔළුව
නා. තට්ට ඔළුව; මුඬුහිස.
තළනගල
නා. මැටි භාණ්ඩ තැනීමේ දී ඒවා තැළීම සඳහා යොදා ගනු ලබන උපකරණයක්; හැඩගුලිය.
තළනපිත්ත
නා. හම් පදම් කිරීමටත්, මැටියෙන් සාදන අවු භාණ්ඩ (වළන්) තැළීමටත් ගන්නා ලී උපකරණයක්; මැටි අලුව.
තළනවා
1. ක්‍රි. ලෝහ ද්‍රව්‍ය ආදි යම් කිසිවෙක ඝනත්වය පැතලි බවට පත් කිරීමට මිටියක් වැනි දෙයකින් පහර දෙනවා.
2. ක්‍රි. ගුටිබැට දෙනවා; පහර දෙනවා.
3. ක්‍රි. රිදවනවා; පෙළනවා; පොඩි කරනවා.
4. ක්‍රි. හඬ නංවනවා; තූර්යාදියෙහි නාද පවත්වනවා.
5. ක්‍රි. කොටනවා; තද කරනවා.
6. ක්‍රි. කූඩු කරනවා; පොඩි කරනවා.
7. ක්‍රි. මැඩගෙන යනවා; යට කරගෙන යනවා.
තළාකය
නා. ජලාශය; පොකුණ; විල.
තළාකෙළිය
නා. පොකුණු; විල්, ගංගා ආදියෙහි දියකෙළිය; ජල ක්‍රීඩාව.
තළි අක්බත
නා. ගොයම් කිරීමේ දී දෙන දානයක්; කෙතක අස්වනුවලින් ඒ ඒ අවස්ථාවල දී පළමු කොට දෙනු ලබන පස්වැදෑරිම් අගහස් බතින් එකක්.
තළුතැටිය
නා. දිය බොන බඳුන; කෙණ්ඩිය; කමණ්ඩලුව.
ත්වක්
1. නා.ප්‍ර. සම; චර්මය.
2. නා.ප්‍ර. ගසක හෝ පැළෑටියක පොත්ත.
3. නා.ප්‍ර. කුරුඳු පොත්ත.
ත්වග්රංධ්ර
(පාරිභා.) නා.ප්‍ර. ගසක කඳෙහි මහත් වූ බාහ්යකයෙහි තැන් තැන්වල සෑදෙන සිදුරු විශේෂය.
ත්වචය
1. නා. සම; චර්මය.
2. නා. (ගස්වැල් ඵල ආදියෙහි) පිටපොත්ත.
3. නා. ඕකිඩ් ආදි ශාකවල වායව්‍ය මුල්වල මතුපිට තිබෙන තට්ටු කීපයකින් යුත් මැරුණු සෛල වැස්ම.
ත්වරකය
1. නා. මෝටර් රථයක කාබියුරේටරයේ අවකර කපාටයට හෝ තෙල් නික්ෂේපණ පාලකයට හෝ පාදිකය; ඇක්සලරේටය.
2. නා. ක්‍රියාවක ශීඝ්‍රතාව වැඩි කරන පේශියක් හෝ ස්නායුවක්.
3. නා. එන්සයිමයක කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය වැඩි කරන කවර හෝ ද්‍රව්‍යයක්.
ත්වරණ මානය
(පාරිභා.) නා. මෝටර් රථයක ප්‍රවේගය වැඩිවීමේ ශීඝ්‍රතාව දක්වන මානකය.
ත්වරණය
නා. වේගයේ වැඩි වීම; ශීඝ්‍රතාව.
ත්වරිත අපසාරිතාව
නා. පොදු මාර්ගයක හෝ ලක්ෂ්යයක සිට, වේගවත් ව පිටතට විහිදී යෑම.