සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 730
ත්‍යක්ත
වි. අත් හළ; හැර දැමූ; බැහැර කළ.
ත්‍යජනය
නා. අත් හැරීම; හැර දැමීම; බැහැර කිරීම.
ත්‍යාග
1. නා. ප්‍රති උපකාරයක් නොලබා අනෙකකුට දෙන දැය; තෑග්ග; තුටු පඬුර.
2. නා. දාන චේතනාව; පරිත්‍යාග කිරීමේ අභිලාෂය.
3. නා. අත් හැරීම; බැහැර කිරීම; අනුනට කැප කිරීම.
වි. දානය හා දාන චේතනාව හා සම්බන්ධ.
ත්‍යාගවන්තයා
නා. පරිත්‍යාගශීලියා; ත්‍යාගශීලි පුද්ගලයා.
ත්‍යාගාධිෂ්ඨානය
නා. දීමෙහි ස්ථිර ව පිහිටීම; තමා සතු දෑ අනුනට ප්රදානය කිරීම සඳහා අධිෂ්ඨානය.
ත්යාජනය
නා. අත්හැරීම; බැහැර කිරීම.
ත්‍රපීසියම
(පාරිභා.) නා. පාද එකක්වත් සමාන්තර නැති චතුරස්‍රය.
ත්‍රපීසොයිඩය
(පාරිභා.) නා. පාද දෙකක් පමණක් එකිනෙකට සමාන්තර වන චතුරස්‍රය.
ත්රපු
නා.ප්‍ර. ලෝහමය මූල ද්‍රව්‍යයක් වන සුදු ඊයම්.
ත්‍රය
1. නා. තුන නම් සංඛ්‍යාව.
2. නා. තුන් දෙනෙකුගේ එකතුව.
ත්රයෝදශ
නා.ප්‍ර. දහතුන.
1. වි. දහතුන්වන; තෙළෙස් වැනි.
2. වි. ප්‍රභේද දහතුනකින් යුක්ත වූ.
ත්‍රස්ත
වි. බියපත්; තැතිගත්.
ත්‍රස්තවාදය
නා. භීෂණ ක්‍රියා මගින් ජනතාව සහ රාජ්‍ය තන්ත්රය තැති ගන්වා රාජ්‍ය බලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ආදි සම්ප්රදාය විරෝධි ක්‍රම උපයෝග කර ගත් සංවිධානාත්මක ක්‍රියා මාර්ගය.
ත්ර්යක්ෂ
ත්ර්යශ්ර
වි. පැති තුනක් ඇති; තුන් හුලස්.
ත්‍රාණය
නා. ආරක්ෂාව; පිහිට.
ත්‍රාසනය
නා. තැති ගැන්වීම; චිත්ත වික්ෂේපය ඇති කිරීම.
ත්‍රාසය
1. නා. තැති ගැන්ම; චිත්ත වික්ෂේපය.
2. නා. මැණික්වල පැවතිය හැකි දෝෂයක්; මැණිකක් මැද ඉරක් දුවන්නා සේ පලුදු ව, බාල වීම.
ත්‍රි
නා.ප්‍ර. තුන්.
වි. තුනක් සම්බන්ධ.
ත්‍රි අරිය
වි. චක්රයක මැද සිට ගරාදි මෙන් පිටතට විහිදෙන අර තුනක් ඇති; කිසියම් කේන්ද්‍රයක සිට තුන් පැත්තට විහිද යන අර තුනක් සහිත.
ත්රිඅස්ථි ජිද්‍රය
නා. සිරුරෙහි කාකතුණ්ඩිකාව අක්ෂකාස්ථිය හා උරපතු ඇටය යන අස්ථි තුන මැද පිහිටි විවරය.
ත්රිආංගුලිකාව
(පාරිභා.) නා. ඇඟිලි තුනක් ඇති බව; තියැඟිලි හෙවත් තෙයැඟිලි ලක්ෂණය.
ත්‍රික නිර්දේශය
නා. (ගණිත.) රාශි තුනකින් යුත් වීජ ගණිතමය ප්රකාශනයක ධන හෝ ඍණ හෝ ලකුණුවලින් සම්බන්ධ කරන රාශි තුනේ ප්රකාශනය.
ත්‍රික ලක්ෂ්‍යය
1. (පාරිභා.) නා. (රසා.) ද්‍රව්‍යයක පෙළ ගැසුණු අණු සහිත කලාප තුනක් එකට පැවතිය හැකි උෂ්ණත්වය හා පීඩනය.
2. (ගණිත.) නා. චාපයක ශාඛා තුනකට පොදු ලක්ෂ්‍යය.