සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 731
ත්‍රික සන්ධිය
1. නා. උරපතු ඇට දෙක ග්රීවාස්ථියට සම්බන්ධ වන සන්ධිය.
2. නා. තුන් ඇට මූට්ටුව; තුනටි සන්ධිය.
ත්‍රිකය
1. නා.ප්‍ර. කොටස් තුනක එකතුව; තෙවර්ගයක් වූ රාශිය.
2. නා.ප්‍ර. හිස සහ දෙවුර එක් වූ ප්‍රදේශය.
3. නා.ප්‍ර. තුනටිය; කටි සන්ධිය.
ත්රිකලාපික
වි. (උද්භි.) මලක රේණු කලාප තුනක් තිබෙන.
ත්‍රිකස්ථාන
නා.ප්‍ර. (ජ්‍යෝති.) රාශි චක්‍රයේ 6, 8, 12 යන ස්ථාන; දුෂ්ට ස්ථාන.
ත්‍රිකාමාශය
නා. වමාරා කන සතුන්ගේ තුන්වැනි ආමාශය; රෝමන්ථය හා ජාලිකාව අතරේ ඇති ආමාශය.
ත්රිකාය
නා. මහායාන ධර්මය අනුව, බුදුවරුන් කෙරෙහි පවතින නිර්මාණ, සම්භෝග හා ධර්ම යන කායත්‍රය.
ත්‍රිකාලඥ
නා.ප්‍ර. අතීත, වර්තමාන, අනාගත යන තුල්කල් දන්නා වූ තැනැත්තා; සර්වඥයන් වහන්සේ.
ත්‍රිකාස්ථික
වි. ත්‍රිකාස්ථියට අයත්; ත්‍රිකාස්ථිය හා සම්බන්ධ.
ත්‍රිකාස්ථික කශේරුකාව
නා. සුෂුම්නාවේ කොටස් පහෙන් සිවුවැන්න.
ත්‍රිකාස්ථිය
නා. කොඳු ඇට පෙළේ පහළ පිහිටි ඇට පසෙකින් සෑදුණා වූ ද ඉදිරියට මඳක් නැමී ඇත්තා වූ ද තුන් හුලස් ඇටය.
ත්‍රිකෝටිකය
නා. විකල්ප නිගමන තුනකට තුඩු දෙන ප්රශ්නය; තුන්කොන් ගැටලුව.
ත්රිකෝටිපරිශුද්ධ
වි. තුන් කෙළවරකින් හෙවත් කාරණා තුනකින් පිරිසිදු වූ; තමා උදෙසා පිළියෙල කරන ලදැයි නුදුටු හෝ නොඇසූ හෝ ඒ බවට සැකයක් නැත්තා වූ ය අංග තුනෙන් යුත්.
ත්‍රිකෝණ ශීර්ෂය
නා. ත්‍රිකෝණයක පාදය වශයෙන් ඇති රේඛාවට කෙළින් ම විරුද්ධ පැත්තේ ඇති කෝණය.
ත්රිකෝණනය
නා. මැනීම සඳහා භූමි ප්‍රදේශයක් එකිනෙකට සම්බන්ධ ත්‍රිකෝණවලට බෙදීම (=triangulation).
ත්‍රිකෝණමිතිය
නා. (ගණිත.) (මූලික වශයෙන්) ත්‍රිකෝණයක පාද හා කෝණ අතර සම්බන්ධය පිළිබඳ වූ ගණිත අංශය (=trigonometry).
ත්‍රිකෝණය
1. නා. (පාරිභා.) ඍජු රේඛා තුනකින් සීමා කරනු ලබන කෝණ තුනක් සහිත තල රූපය (=triangle).
2. (ජ්‍යෝති.) නා. කේන්දරයක ලග්නයෙන් පස්වැන්න හා නවවැන්න.
3. (ජ්‍යෝති.) නා. උච්ච රාශිය හැරුණුවිට ග්‍රහයකු ක්ෂේත්‍ර බලයෙන් ඉතාම බලවත් වන රාශිය.
4. නා. හස්තරේඛා ශාස්ත්රයේ දී පලාපල කීම පිණිස අත්ල බෙදනු ලබන කොටස් වලින් එකක්; ජීවන, ශීර්ෂ, සුබ යන රේඛාවන් හමුවීමෙන් අල්ල මැද සෑදෙන තුන්මුලු ප්‍රදේශය.
ත්‍රිකෝණාකාර
වි. තුන්හුලස් හැඩය ඇති; කොන් තුනක් සහිත.
ත්‍රිකෝණික ප්‍රිස්මය
(පාරිභා.) නා. ආලෝකය (විශ්ලේෂණය) සඳහා උපයෝගී කරගනු ලබන (ත්‍රිකෝණාකාර මුණත් සහිත පාරදෘශ්‍ය ස්ඵටික රූපය); සුදු ආලෝකයෙන් වර්ණාවලියක් ලබා ගැනීම සඳහා උපකාර වන වීදුරුවලින් යුත් පිරමිඩාකාර ඝනය.
ත්රිඛණ්ඩික
වි. පෙති හෙවත් ඛණ්ඩිකා තුනක් ඇති; තෙකඩක් සහිත.
ත්‍රිගුණය
1. නා. තුන්වරක් වූ ප්‍රමාණය; තුනෙන් වැඩි වූ ගණන.
2. (දර්ශන.) නා. මුළු ලොවට ම පොදු සත්ත්ව, රජස්, තමස් යන තුන් ස්වභාවය.
ත්‍රිත්ව
1. නා. බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන ත්‍රිමූර්තිය.
2. (ක්‍රිස්ති.) නා. පිතා, පුත්‍ර, ශුද්ධාත්ම යන තිදෙන.
ත්‍රිතුණ්ඩ
(පාරිභා.) වි. තුඩු තුනක් ඇති; තුන්තුඩු.
ත්‍රිතුණ්ඩ කපාටය
(පාරිභා.) නා. හෘත්කෝෂිකාවෙන් රුධිරය හෘත්කර්ණිකාව කරා පෙරළා යෑම වළක්වන කපාටය.
ත්‍රිදණ්ඩය
නා. පාද තුනකින් යුත් ආධාරයකයක් වන තවුස් පිරිකරක්.