සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 732

ත්‍රිදශ

1. නා.ප්‍ර. දහයේ ඒකක තුන.
2. නා.ප්‍ර. තව්තිසා දිව්‍යලෝකය; තාවතිංසය.

ත්‍රිදෝෂ

නා.ප්‍ර. ශරීරගත වා, පිත්, සෙම් යන දොස් තුන.

ත්‍රිනේත්‍ර

නා.ප්‍ර. ඇස් තුනක් ඇති තැනැත්තා වන ඊශ්වර දෙවි; තිනෙත්.

ත්‍රිපද

1. වි. (පාරිභා.) රාශි තුනක සම්බන්ධය දක්වන; රාශි තුනක් ඇති.
2. වි. වචන තුනකින් යුත්.
3. වි. පියවර තුනක් පිළිබඳ.

ත්‍රිපරිවෘත්තය

නා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට උපයෝගි වන සත්‍යඥාන, කෘත්‍යඥාන, සහ කෘතඥාන ත්‍රිවිධ වටය.

ත්‍රිපාදකය

නා. යමක් තැබීමට භාවිත පා තුනක් සහිත ආධාරකය.

ත්‍රිපිටකය

නා. සූත්‍ර, විනය සහ අභිධර්මය වසයෙන් බෙදූ බුද්ධ ධර්මයේ කොටස් තුන; තෙවළා දහම.

ත්‍රිභින්න

වි. තුන් වැදෑරුම් වූ.

ත්‍රිභූජය

නා. පාද තුනක් ඇති රූපය; ත්‍රිකෝණය.

ත්‍රිභූමක

1. වි. මහල් තුනකින් යුත්; තුන් මහල්; තට්ටු තුනකින් යුත්.
2. වි. කාම, රූප, අරූප යන තුන් භූමිවල උපදනා.

ත්‍රිභූවනය

නා. කාම, රූප, අරූප හෝ ස්වර්ග, මර්ත්‍ය, පාතාල හෝ සත්ත්ව, සංස්කාර, ආකාශ හෝ යන ලෝක තුන තුන්ලොව.

ත්‍රිභූවනාචාර්ය

නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.

ත්‍රිභූවනාලෝක

වි. තුන්ලොවට එළිය වූ.

ත්‍රිභූවනේශ්වර

වි. තුන්ලොවට නායක වූ; ලෝකත්‍රයට අධිපති වූ.

ත්‍රිමණ්ඩලය

නා. දෙදණ නාභිය යන ස්ථාන තුන; තෙමඬුල්ල.

ත්‍රිමදය

නා. ඇතුන්ගේ දෙකපෝල ආදී දශ ස්ථානයන්ගෙන් ගලන තුන් ආකාර මදය; තුන් මදය.

ත්‍රිමාන

වි. දිග, පළල සහ උස යන මාන තුනින් යුත්.

ත්‍රිමානේක්ෂය

(පාරිභා.) නා. එක ම ප්‍රදේශයක් නොහොත් වස්තුවක් ආශ්‍රිත ව එකිනෙකින් වෙනස් වූ කෝණවලින් ගත් ඡායාරූප දෙකක් එක මත එක තබා බැලීමේ දී එහි දිග, පළල, සහ ඝන ප්‍රමාණය පෙන්නුම් කරන උපකරණය.

ත්‍රිමිථුන නාඩිය

(පාරිභා.) නා. සෑම ස්ඵන්දන තුනකට පසු කෙටි හෝ දිගු විවේකයක් ගන්නා නාඩිය.

ත්‍රිමූර්තිය

නා. හින්දු ආගමේ බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන ප්‍රධාන දෙවියන් තිදෙනා.

ත්‍රිමූලක

වි. රාග, දෝස, මෝහ යන ත්‍රිවිධ කෙලෙස් මුල් ඇති.

ත්‍රියාම

නා.ප්‍ර. පෙරයම, මැදයම, අලුයම යන තුන් යාමය.

ත්‍රියාමා

නා.ප්‍ර. රැය; රාත්‍රිය.

ත්‍රියාසික

(පාරිභා.) නා. භූ විද්‍යාවේ සඳහන් වන මිසෝසොයික යුගයේ පළමු වැනි අවධිය.