සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 733

ත්‍රිරූපී

1. (පාරිභා.) වි. ඉන්ද්‍රිය වශයෙන් හෝ ඓන්ද්‍රිකයකු වශයෙන් හෝ පැහැදිලි රූප තුනක් ඇති.
2. (පාරිභා.) වි. සූත්‍රිකා පරාගධානි කලංක යන කොටස්වල දිග ප්‍රමාණ හා පිහිටීම අතින් එකිනෙකට වෙනස් වූ මල් වර්ග තුනක් හටගන්නා.

ත්‍රිරේඛීයඛණ්ඩාංක

(පාරිභා.) නා.ප්‍ර. රේඛා තුනකින් සමන්විත, ලක්ෂ්‍යයක පිහිටීම පිළිබඳ අර්ථ දැක්වීම.

ත්‍රිලක්ෂණය

1. (අභි.) නා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සංස්කාර ධර්ම ලක්ෂණ තුන.
2. නා. හට ගැනීම, පැවැත්ම හා බිඳීම යන ලක්ෂණ තුන.

ත්‍රිලිඞ්ගය

නා. (ව්‍යාක.) ස්ත්‍රී, පුරුෂ, නපුංසක යන ලිංග තුන.

ත්‍රිලෝචන

නා.ප්‍ර. ඇස් තුනක් ඇත්තා වන ඊශ්වර දෙවියා.

ත්‍රිවික්‍රමයා

නා. විෂ්ණු දෙවියා.

ත්‍රිවිද්‍යා

නා.ප්‍ර. පුබ්බේනිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය යන විද්‍යා තුන.

ත්‍රිවිධ අනන්තය

නා. කෙළවරක් රහිත ආකාශය, සත්ත්වලෝකය, විශ්වය යන වස්තු තුන.

ත්‍රිවිධ කෝලාහලය

නා. ලෝකයේ ඇතිවන කෝලාහල තුන; කල්ප කෝලාහලය, චක්‍රවර්ති කෝලාහලය හා බුද්ධ කෝලාහලය.

ත්‍රිවිධ තණ්හා

නා.ප්‍ර. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තුන.

ත්‍රිවිධ බෝධිය

නා. සම්මා සම්බෝධිය, පච්චේක බෝධිය, අරහත්ත බෝධිය යන තුන.

ත්‍රිවේදය

1. නා. ඍග්, යජුර්, සාමන් යන වේද තුන.
2. නා. සාර්ථක විධිමත් රාජ්‍ය පාලකයකූට අත්‍යවශ්‍ය යැයි සැලකුණු ප්‍රභූත්වය කෙළවරක් රහිත මන්ත්‍රණය, උත්සාහය යන කාරණා තුන.

ත්‍රිශඞ්ඛය

නා. හක්ගෙඩි වර්ග තුන; දක්ෂිණාවෘත, රජත, ස්වර්ණ යන හක්ගෙඩි තුන.

ත්‍රිශූලධාරි

නා.ප්‍ර. ඊශ්වර දෙවි.

ත්‍රිශූලය

නා. උල් තුනකින් යුත් අනින ආයුධය.

ත්‍රිසිංහලය

නා. පුරාණ ලංකාවේ පැවැති රුහුණු, මායා, පිහිටි යන රාජ්‍ය තුන.

ත්‍රිහේතුක

වි. (අභි.) අලෝභ, අදෝස, අමෝහ යන කුසල හේතු තුන සහිත.

ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය

නා. (අභි.) අලෝභ, අදෝස, අමෝහ යන තුන් හේතුවෙන් යුත් විපාක සිතකින් පිළිසිඳ ගැනීම; ත්‍රිහේතුක කුශලයේ විපාක වශයෙන් ඇතිවන පිළිසිඳීම.

ත්‍රෛකාලික

වි. අතීත, වර්තමාන, අනාගත යන කාල තුනට සම්බන්ධ.

ත්‍රෛභූමක

වි. කාම, රූප, අරූප යන ත්‍රිවිධ භූමියට අයත්; ත්‍රිභූමක.

ත්‍රෛලෝක්‍යගුරු

නා.ප්‍ර. තුන්ලොවට ම ගුරුවරයා වූ; බුදුරජාණන් වහන්සේ.

ත්‍රෛවිද්‍ය

1. නා. ත්‍රිවිද්‍යාව පසක් කරගත් තැනැත්තා; රහතුන් වහන්සේ.
2. නා. ඍග්, යජුර්, සාම යන ත්‍රිවේදය දත් තැනැත්තා.

ත්‍රොම්බින්

(පාරිභා.) නා.ප්‍ර. ලේ කැටි ගැසීම ඇති කරන එන්සයිමය.

ත්‍රොම්බේස්

(පාරිභා.) නා.ප්‍ර. රුධිරයෙහි පවත්නා නූල් වැනි එන්සයිම විශේෂයක්.