සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 734
තා
නි. තාක්; පමණ.
නා. තාපය; තැවුල.
තාංගු වෙනවා
1. (කථා.) ක්‍රි. හරස් වෙනවා; තද වෙනවා.
2. ක්‍රි. ගල් ගැසී සිටිනවා; භ්රාන්තියට පත් වෙනවා.
තාංගුව
නා. කරත්ත අඹරාවේ හරහට බඳින ලීය.
තාඕ දහම
නා. ලාඕත්සේ නම් චීන දර්ශනවාදියා විසින් දේශිත දර්ශනය.
තාක්
1. නි. (සීමාර්ථයෙහි) තෙක්; තුරු.
2. නි. (ප්‍රමාණාර්ථයෙහි) යම් පමණ ද එපමණ.
3. නි. (සකලාර්ථයෙහි) සියල්ල; මුළුල්ල.
තාක්කට්ටුව
1. (කථා.) නා. කරම් දෝ නොකරම් දෝ යන සිතිවිල්ල; දෙගෙඩියාව.
2. නා. ප්‍රයෝග බස් බිණීම; රැවටීම.
3. නා. හිරිහැරය; කරදරය; බාධාව.
4. නා. පිළිතුරක් නොදීම; නිශ්ශබ්දතාව; තුෂ්ණීම්භාවය.
5. නා. පමාව; ප්‍රමාදය.
තාක්කු කරනවා
1. ක්‍රි. (ගල්, ලැලි ආදිය) මැනවින් ගැටී සිටින සේ තදට හේත්තු කරනවා හෝ අඩුක්කු කරනවා.
2. ක්‍රි. තාවකාලිකව මැඩ පවත්වනවා.
තාක්ෂණික
වි. යම් කාර්යයක් කාර්යක්ෂම ව සහ හුරුබුහුටි අන්දමින් කරලීම සඳහා උපයෝගී කරගන්නා ව්‍යවහාරික ක්‍රම.
තාක්ෂණික විද්‍යාව
(පාරිභා.) නා. ශිල්ප කර්මාන්ත පිළිබඳ විද්‍යාව; වාණිජ අගය ඇති ව්‍යවහාර ශාස්ත්‍රයක් පිළිබඳ විද්‍යාව (=technology).
තාකිස්කූර
(කථා.) නා. කොණ්ඩය බැඳ එහි ගැසීමට පාවිච්චි කළ මැණික් ගල් බැඳි කූර.
තාච්චි
නා.ප්‍ර. තාච්චි පැනීමේ හෙවත් තට්ටු පැනීමේ ක්‍රීඩාවේ රකින පිලට අයත් ප්‍රධානයා.
තාච්චි පැනීම
(කථා.) නා. සිංහල ජන ක්‍රීඩාවක්; ඉරි පැනීම; තට්ටු පැනීම; ලණු පැනීම.
තාච්චිය
1. නා. තඹ, යකඩ ආදි ලෝහ වර්ගයකින් හෝ චීනච්චට්ටියෙන් හෝ සාදනු ලබන කට ලොකු, නොගැඹුරු භාජන විශේෂයක්; තෙලෙන් බඳිනා ආහාර පිළියෙල කිරීමේ දී භාවිත කරනු ලබන්නකි.
2. නා. වැලි, සිමෙන්ති, පස් ආදිය මනින රැගෙන යන යකඩින් කළ භාජනය.
තාච්ඡිල්යය
නා. එයට හුරුබව; එයට පුරුදුබව; තත් ස්වභාවය; ඵලාපේක්ෂාවක් නැති ව ස්වභාවයෙන් පැවැත්ම.
තාඩඞ්කය
නා. කනේ පලඳින ආභරණය; තෝඩුව; කුණ්ඩලාභරණය.
තාඩඞ්කවලය
නා.ප්‍ර. කනේ පලඳින වළල්ලක් වැනි ආභරණය.
තාඩනපීඩන
නා.ප්‍ර. තැළීම; පෙළීම; ගුටි බැට දීම; පීඩා කිරීම.
තාණ
නා.ප්‍ර. ආරක්ෂා ස්ථානය; ක්ෂේම ස්ථානය; නිර්වාණය.
තාණ්ඩව
1. නා.ප්‍ර. පුරුෂ පක්ෂය සඳහා වෙන් වුණු වේගවත් අංග චලනයෙන් යුත් නැටුම් විශේෂයක්.
2. නා.ප්‍ර. ඊශ්වර දෙවි භීම වේශය ගෙන නටන නැටුම.
තාණ්ඩවප්රිය
නා.ප්‍ර. තාණ්ඩව නෘත්‍යයට ප්‍රිය තැනැත්තා; ශිව දෙවියා.
තාත
නා. පුරුෂයින් ඇමතීමෙහි යෙදෙන ආදර පදයක්; දරුවකු විසින් පියාට ඇමතීමේ හෝ පුතාට හෝ වයසින් බාල අයට ඇමතීම සඳහා යෙදේ.
තාත්තා
නා. පියා; අප්පච්චි; අපුච්චා.
තාත්පර්යය
1. නා. (යම්කිසිවක) නියැළුණු බව; යමක යෙදුණු බව; තත්පරභාවය.
2. නා. කියැවෙන අදහස; ප්‍රකාශිත අර්ථය; අභිප්‍රේතය.
තාත්වික
වි. සත්‍ය ස්වභාවයෙන් යුක්ත; යථා තත්ත්වයට අනුකූල; යථා ස්වභාවයෙන් යුත්; තත්ත්වානුරූප.