තාළම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නැටුම්, ගැයුම්, වැයුම් ආදිය අභිමත කාල සීමාවක පිහිටුවීම සඳහා අතුල්, තාළම්පට, බෙර ආදියෙන් දක්වන තාල භේදය; සංගීත තාලමානය; රිද්මය; ලය.
2. නා. ඝන වාද්ය විශේෂයක්; තාළම්පට; කයිතාලම.
3. නා. තාලයට අනුව වයනු ලබන හෝ ගසනු ලබන පදය.
4. නා. භක්ති පූර්වක නර්තන විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සංගීත තාල මානය; රිද්මය (දෙ. தாளம்)