තුරුම්බුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කඩදාසි කුට්ටමෙන් කරන ක්‍රීඩාවල දී එක් අතක වංශයට අයත් ප්‍රධාන කොළය.
2. නා. වාසිය සඳහා ඉදිරිපත් කළ හැකි බලවත් තර්කය.
3. නා. ආඩම්බරය; උඩඟුකම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කඩදාසි කුට්ටමේ එක් අතක ප්‍රධාන වන කොළය/ වාසිය සඳහා ඉදිරිපත් කළ හැකි බලවත් තර්කය (පුර්. trumfo)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. trump