සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 768
තුරුබිජු
නා.ප්ර. තාරකා නමැති බීජ.
තුරුමරු
නා.ප්ර. ගස්කොළ නොවැවෙන බිම; මුඩුබිම.
තුරුමල්
නා.ප්ර. තාරකා නමැති පුෂ්ප; තාරකාමාලා.
තුරුම්පුව
1. නා. කඩදාසි කුට්ටමෙන් කරන ක්රීඩාවල දී එක් අතක වංශයට අයත් ප්රධාන කොළය.
2. නා. වාසිය සඳහා ඉදිරිපත් කළ හැකි බලවත් තර්කය.
3. නා. ආඩම්බරය; උඩඟුකම.
තුරුමුල
නා. රුප්පාව; වෘක්ෂමූලය.
තුරුයටිය
නා. ගසෙහි අත්ත.
තුරුරජ
නා.ප්ර. චන්ද්රයා; සඳ.
තුරුරාජ
නා.ප්ර. කල්පවෘක්ෂය; කප්තුර.
තුරුරැව්
නා.ප්ර. බෙර හඬ; තූර්ය නාදය.
තුරුල්ල
1. නා. ළය පෙදෙස; ඇකය.
2. නා. ඉතා කිට්ටු ඇසුර; සමීප ආශ්රය.
තුරුලිය
1. නා.ප්ර. ගස් සහ වැල්; වෘක්ෂලතා.
2. නා.ප්ර. තාරකා සමූහය; තරුවැළ.
තුරුලු කරගන්නවා
ක්රි. ළයට තද කර ගන්නවා; වැලඳ ගන්නවා.
තුරුවැළ
නා. තරු සමූහය; තාරකාවලිය.
තුරුසා
නා.ප්ර. ගසක අත්ත; වෘක්ෂ ශාඛාව.
තුරුසියපත්
නා.ප්ර. තරු නමැති නෙළුම් මල්; තාරකා නමැති පද්ම.
තුරුසු
නා.ප්ර. ණය; ඍණය.
තුරුසෙන්
නා.ප්ර. තාරකා සමූහය.
තුරුහිමි
නා.ප්ර. ගස් නමැති ස්වාමියා; වෘක්ෂ නමැති වල්ලභයා.
තුල
වි. සමාන; සදෘශ; එක් බඳු.
තුලන
වි. සමාන; සදෘශ; තුල්ය.
තුලනය
1. නා. බර කිරීම.
2. නා. සසඳා බැලීම.
3. (පාරිභා.) නා. අය හා වැය සැසඳීම.
තුලනාත්මක
වි. සසඳා බැලීම ලක්ෂණ කොට ඇති; සංසන්දනාත්මක.
තුලනාත්මක රූපවිද්යාව
(පාරිභා.) නා. ජීවියකුගේ ජීවය ඉතිහාසයේ කුමන අවස්ථාවක වුවද පවත්නා ජීව ව්යුහය හා රූපාකාරය පිළිබඳ ව සන්සන්දනාත්මක ව හැදෑරීම පිළිබඳ ජීව විද්යාශය.
තුලනාත්මක වාග්විද්යාව
නා. එක ම ගණයකට අයත් භාෂා දෙකක් හෝ වැඩි ගණනක් වාග්විද්යා මූලධර්ම අනු ව සංසන්දනය කොට විමර්ශනය කිරීමේ ක්රමය; වාග් විද්යාවේ ප්රභේදයන්ගෙන් එකක්.