සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 767

තුරහ

නා.ප්‍ර. හතුරුකම; එදිරිවාදුකම.

තුරා

නි. තෙක්.
වි. අධික; වැඩි.

තුරාණ

නා.ප්‍ර. ලෝක භාෂා ගණයක නාමය; ද්‍රවිඩ භාෂා ගණය.

තුරි

වි. මුවහ නොවූ; උඩුකුරු.

තුරිච්ච

(කථා.) වි. දියාරු.

තුරිත

වි. ඉක්මන්; කඩිසර.

තුරිත චාරිකාව

නා. බුදුරජාණන් වහන්සේ විසින් දුර සිටින බෝධනෙය්‍ය පුද්ගලයකු දැක ඔහුගේ යහපත සඳහා වඩින ගමන.

තුරිබලය

නා. (ක්‍රිස්ති.) සුවඳ දුම්කබල; දුම්පෝච්චිය.

තුරිය

නා. රෙදි වියන යන්ත්‍රයෙහි අවයවයක්; නඩාව.

තුරු

1. නා.ප්‍ර. ගස; රුක.
2. නා.ප්‍ර. තාරකා; තරු.
3. නා.ප්‍ර. බෙර දවුල් ආදි තූර්ය භාණ්ඩ.
4. නා.ප්‍ර. නාදය.
5. නා.ප්‍ර. පක්ෂියා.
6. නා.ප්‍ර. සතුට.
7. නා.ප්‍ර. පරතරය; අන්තරය.
1. වි. උතුරු දෙසට අයත්; උතුරු.
2. වි. ඉහළ.
3. වි. අධික; අතිශය
4. වි. තරණය කළ; එතෙර වූ.

තුරු සළුපට

නා. උත්තරසාටකය; උඩුකය වැසෙන සේ පොරවන සළුපට.

තුරුගොස

නා. තූර්ය ඝෝෂාව; සංගීත භාණ්ඩයන්ගෙන් නැගෙන නාදය.

තුරුණු

වි. තරුණ.

තුරුණුරිවි

නා. උදය කාලයේ සූර්යයා; ළහිරු.

තුරුණුව

1. නා. තරුණබව.
2. නා. අලුත්දෙය.
3. නා. කලල රූපය.

තුරුදෙවියා

නා. ගසකට අරක් ගත් දේවතාවා; රුක්දෙවියා; වෘක්ෂ දේවයා.

තුරුනා

නා. හඳ; චන්ද්‍රයා.

තුරුනාඅබරණ

නා.ප්‍ර. ජටාවෙහි චන්ද්‍රකලාවක් පලඳිතැයි සැලකෙන ඊශ්වර දෙවියා.

තුරුපතර

නා.ප්‍ර. තාරකා සමූහය; තාරකා රාශිය.

තුරුපති

නා.ප්‍ර. හඳ; චන්ද්‍රයා.

තුරුපල්

නා.ප්‍ර. උතුරුපල් නැකත; උත්‍රඵල නැකත.

තුරුපා

1. නා.ප්‍ර. රුක්මුල; රුප්පය; වෘක්ෂමූලය.
2. නා.ප්‍ර. සේවනය.

තුරුපෙත

1. නා. රුක් පෙළ; වෘක්ෂ පංතිය.
2. නා. තරු රැස; තාරකා පංතිය.

තුරුපෙළ

1. නා. ගස් සමූහය; රුක් පෙළ.
2. නා. තාරකා සමූහය; තරු රැස.