සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 766
තුඹපත
1. නා. ඊයම් පත්‍රය; ඊයම් පට්ටය.
2. නා. ගැටතුඹ කොළය.
තුඹරම් විහාරය
නා. ථූපාරාම විහාරය.
තුඹරඹ
නා. ථූපාරාමය.
තුඹස
නා. වේයන් විසින් මැටියෙන් ගොඩනගනු ලබන වාසස්ථානය; හුඹස; හුඹහ.
තුඹස්දලුව
නා. වියළී නැති තුඹස් මුදුන; තුඹස මුදුනේ ඇති අලුත් ම කොටස.
තුඹස්බඩ
නා.ප්‍ර. හුඹහ අසබඩ; තුඹස අසල.
තුඹසුනු
නා. ඊයම් කුඩු.
තුඹු
1. නා.ප්‍ර. මොටෙයියා.
2. නා.ප්‍ර. එළිවෙන යාමය; අලුයම.
3. නා.ප්‍ර. ඊතලය.
4. නා.ප්‍ර. මිනී ගෙන යන මැස්ස; දෙණ.
තුඹුපිටි
නා.ප්‍ර. ඊයම් පිටි; ඊයම් කුඩු.
තුර
1. නා. ගස; රුක.
2. නා. ඇතුළත; මැද.
3. නා. අතරතුර; අතරතුර ප්‍රදේශය.
තුරංගුව
නා. දඬුවම් පිණිස අත් පා හිර කොට තබන උපකරණය; දඬුකඳ.
තුරග
1. නා.ප්‍ර. වේගයෙන් යන්නා; අශ්වයා.
2. නා.ප්‍ර. රුක් මුදුන.
තුරඞ්ග ශාලාව
නා. අස්හල; ඉස්තාලය.
තුරඟ අක්ෂාංශ
නා.බහු. නිරක්ෂයෙන් අංශක තිහක් උතුරින් හා දකුණින් අත්ලන්තික් සාගරයේ පිහිටි නිශ්චල කලාප.
තුරඟ වන්නම
නා. අසුන්ගේ ගමන් විලාසය නිරූපණය කරන වන්නම.
තුරඟතරග
නා.ප්‍ර. තරගයට අසුන් ධාවනය කරවීම; අශ්වරේස්.
තුරඟතරග පිටිය
නා. තරගයට අසුන් ධාවනය කරන පිට්ටනිය; අශ්වරේස් පවත්වන පිට්ටනිය.
තුරඟදෙන
නා. අශ්වයාගේ ගැහැනු සතා; වෙළඹ; අශ්වධේනුව.
තුරඟා
1. නා. අශ්වයා.
2. නා. ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනයට අයත් අෂ්ටයෝනිවලින් එකක්.
3. නා. වන්නම්වල එන දෙතිස් තාලවලින් එකක්.
4. නා. අස්විද නැකත.
5. නා. ඉඹුල්.
6. නා. අමුක්කරා.
තුරත්තිය
නා. සමින් තැනූ කට කුඩා භාජනය; සම්පීඩාව; චර්මප්රසේවිකාව.
තුරන් කරනවා
ක්‍රි. ඉවත් කරනවා; අයින් කරනවා.
තුරන්දු
නා.ප්‍ර. ඉවත් කිරීම; අයින් කිරීම;ඈත්වීම.
තුරල්
වි. අඩු; මඳ.
තුරල් කරනවා
ක්‍රි. වැස්ස අඩු කරනවා; මඳ කරනවා.