දඟර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වක්‍ර වෙමින් යන; දෙපසට නැමි නැමී ගිය; වංගු වංගු නැවුණු.
2. වි. වළලු වශයෙන් නැමී ගිය; වලයාකාර ව වෙළුණු.
3. (පාරිභා.) වි. වටේට කරකැවී ගිය; රවුම් වශයෙන් විහිදෙන; සර්පිලාකාර.
1. නා. (රැහැන් පොටින්) වළලු වශයෙන් ඔතන ලද්ද; දරනය; දරණුව.
2. (පාරිභා.) නා. (ඉස්කුරුප්පුවක පොට මෙන්) වටා කරකැවෙන ලෙස තනන ලද්ද; රවුම් රවුම් වශයෙන් (වලයාකාරව) තැනුණු දෙය; සර්පිලය.
3. නා. සර්පාදින් කඳින් තනාගන්නා වළල්ල; දරණය.
4. නා. වෙළුම; ඇඹරුම.
5. නා. ගංගාවක දඟරාකාර නැම්ම, වක්කලම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

convolutions