දර්ශකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. සංඛ්යාවක් සමග යොදන වැඩි කිරීමේ බලය පෙන්වන අංකය නොහොත් සංකේතය.
2. නා. යමක විද්යුතය ඇති නැති බව පෙන්වන උපකරණයක විද්යුත් දර්ශකය.
3. නා. මෝටර් රථයක ධාවන වේගය ආදිය දක්වන උපකරණය.
4. නා. කිසියම් ප්රමාණයක් ප්රකට කිරීමට යොදන ලද ලකුණු හෝ රේඛා සහිත ඵලකය.
5. නා. රසායනික ද්රව්යයක අම්ලත්වය හෝ ක්ෂාරත්වය සොයා ගැනීමට උපකාර වන ලිත්මස් වැනි දෙය.
6. නා. ආදර්ශය; නිදසුන.
7. නා. කැඩපත; කණ්ණාඩිය.