සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 798
දරදිය
1. නා. ආපසු දීම සඳහා යමකුගෙන් ගන්නා මුදල් ආදි දෙය; ණය; ඉණ.
2. නා. ගැතිබව.
දරනවා
1. [ක්‍රි. පූර්වක්රි. දරා.] රඳවනවා; උසුලනවා.
2. ක්‍රි. ඇති කරගන්නවා; ලබා ගන්නවා; පමුණුවනවා.
3. ක්‍රි. ස්වභාව; පවතිනවා.
4. (පාරිභා.) ක්‍රි. දොස් ලබනවා; දෝෂාරෝපණයකට පත් වෙනවා.
5. ක්‍රි. යුක්ත වෙනවා; සමන්විත වෙනවා.
6. ක්‍රි. තේරුම් ගන්නවා; සලකනවා.
7. ක්‍රි. (ගෙඩි ආදිය) හටගන්නවා; ඇති වෙනවා; උපදිනවා.
8. ක්‍රි. සිත් තුළ තබා ගන්නවා; සිතෙහි උපදවා ගන්නවා; ඇති කර ගන්නවා.
දරමනු
වි. ධරමාන; ජීවත්වන; පවතින.
දරමිටි පෝය
(කථා.) නා. (ශ්‍රී මහා බෝධියට පූජා පිණිස) දරමිටි රැගෙන එන පොහෝ දිනය; ඇසළ පසළොස්වකට පසු ව එන අටවක පොහොය.
දරවි
(කථා.) නා.ප්‍ර. ගැහැනු දරුවා; ළදැරිය.
දරසර
නා.ප්‍ර. මහී කාන්තාව; පොළොවට අධිපති දෙවඟන.
දරසිවුරු
නා.ප්‍ර. ලී පතුරු ගොතා ගෙන සාදාගත් සිවුරු; වල්කලා සිවුරු.
දරහඬ
1. නා. කුඹුරෙහි ඉස්මත්ත; කුඹුරට දිය ගලා එන මඟ.
2. නා. වෑකණ්ඩියේ ඉස්මත්ත.
3. නා. ගැලෙක ගොනා බඳින ඉදිරි කෙළවර; වියගහ; ධුරය.
4. නා. කෙත්වතු; කුඹුරු.
දරහැය
නා. යක් තොවිල්වල දී මළ පිදේන්න ගෙන යෑම සඳහා තනන මැස්ස.
දර්පණ
නා. (මුහුණ බලන) කැඩපත; කන්නාඩිය.
දර්පය
නා. ආඩම්බරය; එඩිය; ගර්වය; ඔද.
දර්වී
නා.ප්‍ර. ලීයෙන් සාදන හැන්ද.
දර්වීකර
නා.ප්‍ර. පෙණය සහිත සර්පයා; නයා.
දර්ශක
1. වි. පෙන්වන; දක්වන; අඟවන; ප්‍රකට කරන.
2. වි. (ඇසට) පෙනීම ගෙන දෙන්නාවූ.
දර්ශක අංක
(පාරිභා.) නා.ප්‍ර. (ආර්ථි.) කිසියම් නියමිත කාලයක මිල මට්ටම් හා වෙළඳ පරිමාව ආදිය ප්‍රකාශයට පත් කිරීම සඳහා පාවිච්චි කරන ගණිතාංකයක්.
දර්ශක නාලය
නා. ඇසට පෙනීමේ ශක්තිය ගෙන දෙන දෘෂ්ටි ස්නායුව.
දර්ශක පරිමාණය
නා. කිරුම් බර බලා ගැනීම සඳහා තුලාවකට සවි කොට ඇති මිනුම් පටිය.
දර්ශක රාශිය
නා. (ගණිත.) ඝාතීය රාශිය.
දර්ශක රූපය
නා. (ගණිත.) ප්‍රස්තාර, රේඛා චිත්‍ර ආදියෙන් කරුණු විදහා දක්වන රූපය; සූචක ප්‍රස්තාරය.
දර්ශකය
1. (පාරිභා.) නා. සංඛ්‍යාවක් සමග යොදන වැඩි කිරීමේ බලය පෙන්වන අංකය නොහොත් සංකේතය.
2. නා. යමක විද්‍යුතය ඇති නැති බව පෙන්වන උපකරණයක විද්‍යුත් දර්ශකය.
3. නා. මෝටර් රථයක ධාවන වේගය ආදිය දක්වන උපකරණය.
4. නා. කිසියම් ප්‍රමාණයක් ප්‍රකට කිරීමට යොදන ලද ලකුණු හෝ රේඛා සහිත ඵලකය.
5. නා. රසායනික ද්‍රව්‍යයක අම්ලත්වය හෝ ක්ෂාරත්වය සොයා ගැනීමට උපකාර වන ලිත්මස් වැනි දෙය.
6. නා. ආදර්ශය; නිදසුන.
7. නා. කැඩපත; කණ්ණාඩිය.
දර්ශකයා
1. නා. පෙන්වන්නා.
2. නා. බලන්නා; නරඹන්නා.
දර්ශන ආර්යයා
නා. සිවු වැදෑරුම් ආර්යයන්ගෙන් එක් තැනැත්තෙක්; ප්‍රසාද එළවන දැකුම්කලු වූ රූපයෙන් ඉරියවුවෙන් ද යුත් තැනැත්තා.
දර්ශන ඉන්ද්රිය
නා.ප්‍ර. ඇස.
දර්ශන උන්මාදය
නා. විසංඥා කරවන හෙවත් සිත විපරීත කරවන උන්මත්ත භාවය.