සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 799
දර්ශන ක්ෂේත්රය
නා. ඇසේ පෙනීමට හසු වන ප්‍රදේශය.
දර්ශන කෘත්‍යය
නා. රූප ආරම්මණ දැකීමේ ක්‍රියාව.
දර්ශන ජාලය
(පාරිභා.) නා. ඇසෙහි පෙනීමට ගෙන දෙන ඇතුළු සිවිය.
දර්ශන ඥානය
නා. (අභි.) චතුස්සත්‍ය ධර්මය දක්නා නුවණ; මාර්ග ඥානය.
දර්ශන පටලය
නා. ඇස පිටුපස පිහිටා ඇසට පෙනෙන දෙයෙහි ප්‍රතිබිම්බය ලබා ගන්නා සියුම් පටලය.
දර්ශන පථය
1. නා. ඇසට පෙනෙන තෙක් මානය; දෘෂ්ටිගෝචර ප්‍රදේශය.
2. නා. වටහා ගැනීමේ මඟ.
දර්ශන ප්‍රතිවේධය
(අභි.) නා. නුවණින් දැකීමෙන් ලබන වැටහීම; චතුරාර්ය සත්‍යාවබෝධය.
දර්ශන මාර්ගය
නා. (අභි.) පළමු කොට නිවන් අවබෝධ කර ගැනීමට උපකාරී වන මාර්ගය; සෝවාන් මඟ.
දර්ශන රේඛනය
(පාරිභා.) නා. තල මේස (ප්ලේන් ටේබල්) මැනීමේ දී භාවිතයට ගන්නා උපකරණයක්.
දර්ශන රේඛාව
(පාරිභා.) නා. මිනුම් දුරේක්ෂයක ප්‍රකාශ කේන්ද්‍රය හා ප්රාචීරයේ හරස් කෙඳි කැපී යන තැන හරහා ගමන් කරන මනඃකල්පිත රේඛාව.
දර්ශන ලාභය
නා. දැක ගන්නට ලැබීම; දැකීම.
දර්ශන ශක්තිය
1. නා. ඇසේ පෙනීමේ බලය.
2. නා. ඥානයෙන් දැනීමේ ශක්තිය; බුද්ධි බලය.
දර්ශන සූචකය
නා. කැමරාවක කාචයට හසු වන දර්ශනය; උපනෙතට දර්ශනය වන මායිම හෝ එම දර්ශනය පිළිබිඹු වන කොටස.
දර්ශනඥයා
නා. කිසියම් දර්ශනයක් දත් තැනැත්තා; දාර්ශනිකයා.
දර්ශනප්රාය
නා.ප්‍ර. (යමක්) දැකිය හැකි තත්ත්වයට පත්වීම.
දර්ශනය
1. නා. (යමක්) ඇසින් දැකීම; (දෑසට පෙනීම).
2. නා. දැක්වීම; ගෙනහැර පෑම.
3. (අභි.) නා. (නුවණින්) දැකීම.
4. නා. යථා ස්වභාව පරමාර්ථ තත්ව අවබෝධ කර ගැනීමට ඉවහල් වන විද්‍යාව.
5. (අභි.) නා. සෝවාන් මාර්ගය.
දර්ශනවාදය
නා. සත්‍ය දැකීම (අවබෝධ කිරීම) පිළිබඳ ව ඉදිරිපත් කර ඇති මතය.
දර්ශනවාදී
වි. දාර්ශනික මත දරන.
දර්ශනාත්මක
වි. දර්ශනයට අදාළ
දර්ශනාන්තර
නා.ප්‍ර. විවිධ දර්ශන.
දර්ශනානුත්තරිය
දර්ශනීය
වි. මනහර පෙනුමෙන් යුතු; දැකුම්කලු.
දර්ශනෝපචාරය
[දර්ශන + උපචාර]
1. නා. ඇසින් බැලූ තෙක් මානය; දෘෂ්ටි පථයට අසුවන ප්‍රමාණය.
2. නා. ඇසට පෙනෙන තෙක් මානය; දොළොස් රියනකින් ඇතුළත වූ උපචාර සීමාව.
දර්ශපූර්ණ මාස
1. නා.බහු. නව සඳ හා පුර සඳ උදාවන දවස්.
2. නා.බහු. පුර පෑළවිය දා හා පුර පසළොස්වක් දා පවත්වන යාග.