දෙණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඔරුවක හැඩයට තනන පෙට්ටිය; පෝටිකාව; මංජුසාව.
2. නා. රෝගීන් බෙහෙත් දියෙහි බහාලීම සඳහා පාවිච්චි කරන ආධාරක විශේෂය; බෙහෙත් ඔරුවක හැඩය ඇති භාජන විශේෂය.
3. නා. මළසිරුර තැන්පත් කරන පෙට්ටිය; මිනී පෙට්ටිය; තුම්බය.
4. නා. වීණාවෙහි පහළ කොටසෙහි වූ වලයාකාර චෂකය; වීණා පොකුර.
5. නා. භාජනය; සැළිය.
6. නා. උස්බිම අද්දර පිහිටි බිම්කඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දැව, ලෝහ ආදියෙන් තැනූ ඔරුවක හැඩය ඇති පෙට්ටිය/ මිනී පෙට්ටිය (පා. දොණ සං. ද්‍රොණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. basin
2. Phy. bath
3. n. corpse
4. Civ. launder
5. Civ. strake
6. Civ. sump