අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 156
දෙණ
නා.ප්‍ර. දැව, ලෝහ ආදියෙන් තැනූ ඔරුවක හැඩය ඇති පෙට්ටිය/ මිනී පෙට්ටිය (පා. දොණ සං. ද්‍රොණ)
දෙණිය
නා. ගලින් හෝ දඬුවලින් හෝ සාදා ගන්නා ඔරුවක් වැනි වූ භාජනය/ නිම්නය; මිටියාවත/ ඕවිට (පා. දොණි සං. ද්‍රොණි)
දෙතන
නා. පියයුරු යුවල
දෙන
1. නා. ධේනුව (පා. සං. ධෙනු) 2. පිරිස (පා. සං. ජන)
දෙපළ
නා. ස්ථාන දෙක/ පුද්ගලයන් දෙදෙනා/ ජෝඩුව
දෙපළු
නා.ප්‍ර. පළු දෙක; කොටස් දෙක
දෙපාර්තමේන්තුව
නා. පාලන ආයතනය (පුර්. departamento)
දෙපාර්ශ්වය
නා. දෙපක්ෂය (සං. ද්විපාර්ශ්ව)
දෙපිල
නා. කණ්ඩායම් දෙක
දෙබල
නා. ගසක අතු බෙදී ගිය තැන; කරුව
දෙමංසල
නා. පාරවල් දෙකක් එකතු වන තැන/ එවැනි තැනක පිහිටි ශාලාව හෝ ගිමන්හල
දෙමලිච්චා
නා. කුරුලු විශේෂයක් හඳුන්වන නාමය
දෙමහල්
වි. තට්ටු දෙකක් ඇති
දෙමළ
නා.ප්‍ර. ද්‍රවිඩ ජනයා/ ද්‍රවිඩ ජනයාගේ භාෂාව (පා. දමිළ)
දෙරණ
නා. පොළොව (පා. සං. ධරණී)
දෙරණිසුරු
නා.ප්‍ර. රජතුමා
දෙලොව
නා. මෙලොව හා පරලොව; උභය ලෝක
දෙවොල
නා. දේවාලය/ දෙවොල් පත්තිනි
දෙළුම්
නා.ප්‍ර. පලතුරු විශේෂයක් (ප්‍රා. දාඩිම පා. දාලිම සං. දාඩිම)
දේදුන්න
නා. ප්‍රිස්ම වර්ණ හතෙන් යුක්ත ව ඇතැම් අවස්ථාවල දී අහසේ දිස්වන දුන්නක හැඩය ඇති දර්ශනය
දේපළ
නා. යම් පුද්ගලයකුට අයිති වස්තුව
දේවත්වාරෝපණය
නා. දෙවියකු ලෙස සැලකීම
දේවස්ථානය
නා. දෙවියන් වහන්සේ වැඩ සිටිතැයි සැලකෙන ස්ථානය; දෙවියන්ට පුද පූජා පවත්වන ස්ථානය
දේවාලය
නා.ප්‍ර. දෙවියන් වෙනුවෙන් ඉදි වූ මැදුර (සං. දෙවාලය)