දෙණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කඳු අතර මඩ බිම; නිම්නය; මිටියාවත.
2. නා. කුඹුර අද්දර පිහිටි ගොඩබිම; ඕවිට.
3. නා. වීණාවෙහි ඇති වලයාකාර කොටස; වීණා පොකුර.
4. (කථා.) නා. තුම්බය; මෘත දේහය තබා උසුලා ගෙන යන ගෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගලින් හෝ දඬුවලින් හෝ සාදා ගන්නා ඔරුවක් වැනි වූ භාජනය/ නිම්නය; මිටියාවත/ ඕවිට (පා. දොණි සං. ද්‍රොණි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dale
2. Geo. dell
3. n. glen
4. n. moor
5. moorland
6. n. valley