අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 155

දූෂක

වි. කිලිටි කරන; අපිරිසිදු කරන (පා. දූසක සං. දූෂක)

දූෂණය

නා. අපිරිසිදු වීම; කිලිටි වීම/ සමාජ විරෝධී කටයුත්ත; දුරාචාරය (සං. දූෂණ)

දූෂ්‍ය

වි. කිලිටි; දූෂණය වූ (සං. දූෂ්‍ය)

දූෂිත

වි. අපිරිසිදු වුණු; කෙලෙසුණු (සං. දූෂිත)

දූසමාන

වි. අනුමාන; අවිනිශ්චිත; පදනමක් නැති (පුර්. duvidosa)

දෘඪ

වි. දැඩි; දළ; රළු (සං. දෘඪ)

දෘඪග්‍රහණය

නා. තදින් අල්ලා ගැනීම/ දැඩි ව එල්බ ගැනීම

දෘඪතර

වි. ඉතා දැඩි (සං. දෘඪතර)

දෘඪාංග

නා.ප්‍ර. පරිගණකයක යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රෝනික සංරචකය

දෘශ්‍ය

වි. පෙනෙන; දැකිය හැකි (සං. දෘශ්‍ය)

දෘශ්‍යකාව්‍යය

නා. නාට්‍යය

දෘශ්‍යමාන

වි. පෙනෙන්නට තිබෙන (සං. දෘශ්‍යමාන)

දෘශ්‍යාධාරය

නා. දක්නට ලැබෙන දේ; දෘෂ්ටිගෝචර වන දේ/ පෙනීම ලබා දීමට උපකාර වන උපකරණය

දෘශ්‍යාබාධ

නා.ප්‍ර. පෙනීම පිළිබඳ ආබාධ

දෘෂ්ට

වි. දුටු; පෙනුණු (පා. දිට්ඨ සං. දෘෂ්ට)

දෘෂ්ටාන්තය

නා. ප්‍රස්තුතය තහවුරු කිරීමට යොදන නිදර්ශකය; උදාහරණය (සං. දෘෂ්ටාන්ත)

දෘෂ්ටි

වි. ඇස හා සම්බන්ධ; ඇසට අයත්/ පෙනීම පිළිබඳ; දෘශ්‍ය (සං. දෘෂ්ටි)

දෘෂ්ටි පරීක්ෂණය

නා. ඇස් පරීක්ෂාව/ බුද්ධි පරීක්ෂණ විශේෂයක්

දෘෂ්ටිකෝණය

නා. යම් වස්තුවක් හෝ කාරණයක් හෝ දෙස බලන ආකාරය

දෘෂ්ටිගෝචර

වි. ඇසට ගොදුරු වන; පෙනීමට හසු වන (සං. දෘෂ්ටිගොචර)

දෘෂ්ටිපථය

නා. ඇස හමුවේ පෙනෙන මුළු ප්‍රදේශය (සං. දෘෂ්ටිපථ)

දෘෂ්ටිපරාමර්ශය

නා. මිථ්‍යා විශ්වාස තදින් ග්‍රහණයට ගැනීම (පා. දිට්ඨිපරාමාස)

දෘෂ්ටිවිතානය

නා. දෘෂ්ටිගෝලය ආවරණය වූ සංවේදී ස්තරය

දෘෂ්ටීන්ද්‍රිය

නා.ප්‍ර. පෙනීම ලබා ගන්නා ඉන්ද්‍රියය; ඇස