අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 154
දුෂ්ප්‍රතිපත්ති
නා.ප්‍ර. වැරදි පිළිපැදීම; අයහපත් පැවැත්ම
දුෂ්පෝෂණය
නා. මන්දපෝෂණය (සං. දුෂ්පොෂ)
දුස්ස්‍රාවිතාව
නා. ඇලෙන ගතිය; ඝන බව
දුස්සාධ්‍ය
වි. සුව කිරීමට අපහසු/ නැවත සකස් කළ නොහැකි (සං. දුඃසාධ්‍ය)
දුස්සීල
වි. දුශ්ශීල
දුහිතෘ
නා.ප්‍ර. ගැහැනු දරුවා; දුව (සං. දුහිතෘ)
දුහුනා
නා. ආධුනිකයා; නවකයා
දුහුල
නා. සිහින් නූලෙන් වියන ලද තුනී වස්ත්‍රය (පා. සං. දුකුල)
දුහුල් පිළි
නා.ප්‍ර. දුහුල
දුහුල් සළුව
නා. ඉතා සිනිදු වූ සාටකය (පා. සං. දුකුලසාටක)
දුහුවිලි
නා.ප්‍ර. සියුම් කැබලිවලට කැඩුණු පස් සහ වෙනත් ද්‍රව්‍ය අංශු; දූවිල්ල (පා. සං. ධූලි)
දුළුල්
වි. නොමනා; නොසරුප්; අසභ්‍ය (පා. දුට්ඨුල්ල)
දූ කෙළිය
නා. දාදු කැට ගෙන තරගයට කරන සූදුව (සං. ද්යුත ක්‍රීඩා)
දූත මණ්ඩලය
නා. රටක් නියෝජනය කරන නියෝජිත පිරිස
දූතයා
නා. නියෝජිතයා/ පණිවුඩකරුවා/ චරපුරුෂයා (පා. සං. දූත)
දූතලක්ෂණ
නා.බහු. පණිවුඩකරුගේ ඉරියවු/ සංදේශ කාව්‍යයක හසුන ගෙන යන්නා සතු ගුණාංග (සං. දූතලක්ෂණ)
දූරකථනය
නා. දුරින් සිටින දෙදෙනකු කථා කිරීමට හෝ පණිවිඩ හුවමාරුවට හෝ භාවිත කරන උපකරණය; ටෙලිෆෝනය (සං. දූරකථන)
දූරදර්ශී
වි. ඉදිරිය බලා ක්‍රියා කරන; මතු කාලය ගැන සිතා මතා ක්‍රියා කරන (සං. දූරදර්ශී)
දූරස්ථ
වි. දුරින් පිහිටි; දුර සිටි; ඈත (සං. දූරස්ථ)
දූරාතීතය
නා. ඈත අතීතය
දූරීකෘත
වි. දුරු කරන ලද; ඉවත් කළ (සං. දූරීකෘත)
දූරීභූත
වි. දුරු කරන්නා වූ; පහ වූ (සං. දූරීභූත)
දූරේක්ෂය
නා. දුර පිහිටි වස්තුවක් සමීප සේ පෙන්වන කණ්ණාඩිය
දූලි
නා.ප්‍ර. ඉතා සියුම් පස් අංශු; රජස් (සං. ධූලි)