අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 153

දුර්දාන්ත

වි. හික්මවීමට අපහසු (සං. දුර්දාන්ත)

දුර්බල

වි. සවිශක්තිය පිරිහුණු (සං. දුර්බල)

දුර්බෝධ

වි. තේරුම් ගැනීමට අපහසු (සං. දුර්බොධ)

දුර්භාග්‍ය

වි. අවාසනාවන්ත (සං. දුර්භාග්‍ය)

දුර්භික්ෂය

නා. ආහාර හිඟය; සාගතය (සං. දුර්භික්‍ෂ)

දුර්මතය

නා. වැරදි සිතුවිල්ල; සාවද්‍ය පිළිගැනීම (සං. දුර්මත)

දුර්මුඛ

වි. කලකිරුණු; අසතුටු (සං. දුර්මුඛ)

දුර්ලභ

වි. ලබා ගැනීමට අපහසු; හිඟ; විරල (සං. දුර්ලභ)

දුර්වර්ණ

වි. අව පැහැය (සං. දුර්වර්ණ)

දුර්වල

වි. ශක්තිය අඩු; බෙලහීන; දුබල (සං. දුර්වල)

දුලනවා

ක්‍රි. බබළනවා/ දිලිසෙනවා/ දැල්වෙනවා (පා. ජලති සං. ජ්වලති)

දුලබ

වි. ලබා ගැනීමට අපහසු; හිඟ; දුර්ලභ (පා. දුල්ලභ සං. දුර්ලභ)

දුශ්චරිතය

නා. නරක හැසිරීම; දුරාචාරය (සං. දුශ්චරිත)

දුශ්ශීල

වි. සීලයෙහි නොපිහිටි; දුසිල් (පා. දුස්සීල සං. දුශ්ශීල)

දුෂ්කර

වි. අසීරු; අමාරු (සං. දුෂ්කර)

දුෂ්කර ක්‍රියාව

නා. කිරීමට අපහසු ක්‍රියාව

දුෂ්කෘත

වි. වැරදි ලෙස කළ; වරදින් යුතු (සං. දුෂ්කෘත)

දුෂ්ට

වි. නපුරු; අයහපත්/ දූෂිත (පා. දුට්ඨ සං. දුෂ්ට)

දුෂ්ටක්ෂණය

නා. පින් නොකළ හැකි අයහපත් කාලය

දුෂ්ටාංග

නා.ප්‍ර. වැරදි අංග; අයහපත් අංග

දුෂ්ටාත්මය

නා. අයහපත් ආත්මය (සං. දුෂ්ටාත්මන්)

දුෂ්ටාධ්‍යාශය

නා.ප්‍ර. නරක අදහස; නපුරු සිතිවිල්ල

දුෂ්ටාර්ථය

නා. වැරදි කාරණය; අයහපත් අරුත

දුෂ්පරිභෝගය

නා. වැරදි සේ පාවිච්චි කිරීම; සාවද්‍ය පරිහරණය