අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 152
දුක්ගැනවිලි
නා.ප්‍ර. හිරිහැරයක්, දුක් කරදරයක් සම්බන්ධයෙන් සහනයක් පතා වචනයෙන් හෝ ලියවිල්ලකින් හෝ කරන ආයාචනය
දුකුළා ඇවත
නා. උපසම්පදා වූ භික්ෂූන් සඳහා පනවන ලද ඇවැත් විශේෂයක් (පා. දුක්කටාපත්ති)
දුගුණ
නා.ප්‍ර. නොමනා ගතිය; දුර්ගුණ
දුටුගැමුණු
නා.ප්‍ර. සිංහල රජ කෙනකුගේ නාමය (පා. දුට්ඨගාමණී)
දුදනා
නා. යහපත් ගුණ නැති තැනැත්තා; අසත්පුරුෂයා (පා. දුජ්ජන සං. දුර්ජන)
දුන්න
නා. ඊතල යොදා විදීම පිණිස භාවිත කරන ආයුධයක් (පා. සං. ධනු)
දුනුකොළය
නා. වාහනවල තට්ටුවටත් අලවංගුවටත් අතර සවි කරන උපාංග විශේෂයක්
දුනුදණ්ඩ
නා. දුන්නෙහි මිට සහිත කොටස (පා. ධනුදණ්ඩ)
දුබල
වි. සවිය අඩු; දුර්වල (පා. දුබ්බල)
දුම්කෙණෙස්ස
නා. දුම් කබල
දුම්කොළය
නා. දුම් ගසේ කොළය
දුම්නළය
නා. කර්මාන්ත ශාලාවල දුම් පිට කිරීමට යොදා ඇති උපකරණය; දුම් පයිප්පය
දුම්මල
නා.ප්‍ර. ඇතැම් ගස්වලින් ලබා ගන්නා ලාටු වැනි ඇලෙනසුලු ඝන ද්‍රව්‍යයක්
දුම්රිය පළ
නා. දුම්රිය නවත්වන ස්ථානය
දුඹුටු
නා.ප්‍ර. දුඹුරු පැහැ වර්ණය/ දුම්මැස්සේ බැඳෙන දැලි
දුඹුරු
නා.ප්‍ර. පාට වර්ගවලින් එකක්; දුම් පැහැය
දුඹුල්
වි. බලයෙන් අඩු; අබල දුබල (ප්‍රා. පා. දුබ්බල සං. දුර්වල)
දුඹුලු
නා.ප්‍ර. දුම් වැදීම නිසා හටගන්නා වැදලි; දුම් සුඹුලු (සං. ධුමල, ධුමර)
දුරකථනය
නා. දුරකථනය
දුරලනවා
ක්‍රි. දුරු කරනවා; බැහැර කරනවා
දුරවබෝධය
නා. පහසුවෙන් නොතේරෙන බව (සං. දුරවබොධ)
දුර්ගන්ධ
නා.ප්‍ර. දුගඳ; අමිහිරි ගඳ (සං. දුර්ගන්ධ)
දුර්ගය
නා. යෑමට අපහසු තැන (සං. දුර්ග)
දුර්දශාව
නා. නරක කාලය (සං. දුර්දශා)