දේශකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දේශනා පවත්වන තැනැත්තා; ධර්මදේශකයන් වහන්සේ.
2. නා. විශ්වවිද්‍යාල ආදි අධ්‍යාපන ආයතනයන්හි ඉගැන්වීම් දේශන ආකාරයෙන් ඉදිරිපත් කරන්නා; කථිකාචාර්යවරයා.
3. නා. එක් එක් විෂයයන් අරබයා ප්‍රසිද්ධියේ දේශන පවත්වන්නා; සභා අමතන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කථා පවත්වන්නා; දේශනා කරන්නා (සං. දෙශක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. lecturer
2. n. preacher