සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 874
දේශකයා
1. නා. දේශනා පවත්වන තැනැත්තා; ධර්මදේශකයන් වහන්සේ.
2. නා. විශ්වවිද්‍යාල ආදි අධ්‍යාපන ආයතනයන්හි ඉගැන්වීම් දේශන ආකාරයෙන් ඉදිරිපත් කරන්නා; කථිකාචාර්යවරයා.
3. නා. එක් එක් විෂයයන් අරබයා ප්‍රසිද්ධියේ දේශන පවත්වන්නා; සභා අමතන්නා.
දේශක්කාරයා
නා. පිටරැටියා; පරදේසක්කාරයා; විදේශිකයා.
දේශගුණ කලාප
නා.ප්‍ර. දේශගුණය පදනම් කොට ගෙන පෘථිවිය බෙදා තිබෙන කලාප; එකිනෙකට වෙනස් දේශගුණයක් ඇති ප්‍රදේශ.
දේශගුණ චිකිත්සාව
(පාරිභා.) නා. රෝග සුව කිරීම පිණිස දේශගුණයෙන් කරන ප්‍රතිකාර; ඇතැම් රෝග සුව කිරීම සඳහා දේශගුණය ප්‍රතිකර්මයක් ලෙස යොදා ගන්නා ක්‍රමය (=climatotherapy).
දේශගුණ සාධක
නා.බහු. දේශගුණය කෙරෙහි බලපාන උෂ්ණත්වය, භූ විෂමතාව, වායු පීඩන, දියවැල් ආදි සාධක.
දේශගුණය
නා. කිසියම් නිශ්චිත ප්‍රදේශයක හෝ රටක දිගු කලක් තිස්සේ පවතින වායුගෝලීය ස්වභාවය.
දේශජ
වි. ස්වදේශයෙහි උපන්නා වූ; සිය රටෙහි හටගත්; විදේශික නොවූ.
දේශත්යාගය
1. නා. රට අත්හැර යාම; විදේශගත වීම.
2. නා. රටින් පිටුවහල් කිරීම; රටින් නෙරපා දැමීම.
දේශද්‍රෝහියා
නා. තම දේශයට එරෙහි වන්නා වූ පුද්ගලයා; තම රටට සතුරුකම් කරන්නා; තම රටට ද්‍රෝහිකම් කරන්නා; තම රටට විරුද්ධ ව කුමන්ත්‍රණවල යෙදෙන්නා.
දේශදේශාන්තර
වි. නා නා දේශයන් තුළ; නොයෙක් රටවල් පිළිබඳ.
දේශනය
1. නා. දේශනවා; පූජකවරුන් විසින් බැතිමතුන්ට කරන ආගමික කතාව.
2. නා. යම් විෂයයක් ඉගැන්වීම සඳහා කරන දීර්ඝ කතාව; යමක් පැහැදිලි කිරීමට හෝ විස්තර කිරීමට පවත්වන දීර්ඝ කතාව.
දේශනාපාලිය
නා. බුදුරජාණන්වහන්සේ දෙසූ ධර්මය; ත්‍රිපිටක බුද්ධ ධර්මය.
දේශපරිස්තිථිය
නා. එක් එක් ප්රදේශයන්ගේ පිහිටීම; රටවල් වෙන් වශයෙන් පිහිටා ඇති ආකාරය.
දේශප්රවාසී
(පාරිභා.) නා.ප්‍ර. රටින් පැනගිය තැනැත්තා; රටින් පලා ගිය තැනැත්තා (=emigre).
දේශප්‍රේමියා
නා. රටට ඇල්ම ඇති පුද්ගලයා; රට තමන්ගේය යන හැඟීම ඇත්තා.
දේශපාලකයා
නා. රටක පාලන කටයුතුවලට හවුල් වී කටයුතු කරන්නා; රටක පාලන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකාරී ව මැදහත් ව සිටින්නා; යම් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයා.
දේශපාලන ඒකකය
නා. පාලනය සඳහා වෙන් කර ගත් ප්‍රදේශ ඒකකය; පළාත් දිස්ත්‍රික්ක, නගර ආදි වශයෙන් වෙන් කර ගත් පාලන කොට්ඨාසය.
දේශපාලන නිදහස
නා. ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට ඇති නිදහස; දේශපාලනය අතින් ලබන ස්වාධීනතාව.
දේශපාලන පක්ෂ
නා.ප්‍ර. ප්රජාතන්ත්රවාදි රටක දේශපාලන කටයුතු සඳහා ජනතාව විසින් පිහිටුවා ගන්නා පක්ෂ; එකිනෙකට වෙනස් දේශපාලන මත හෝ ප්‍රතිපත්ති දරන කණ්ඩායම්.
දේශපාලන විද්‍යාව
නා. ආණ්ඩු කිරීම පිළිබඳ විද්‍යාව; දේශපාලන මූලධර්ම ඇතුළත් විද්‍යාව; විද්‍යාවක් ලෙස ඉගැන්වෙන දේශපාලන දර්ශනය.
දේශපාලන සම්මුතිය
නා. දේශපාලනික ගැටලු විසදා ගැනීම සඳහා පක්ෂ දෙකක් හෝ වැඩි ගණනනක් අතර ඇති කර ගන්නා පොදු තීරණය; දේශපාලනමය කටයුතු සම්බන්ධයෙන් පක්ෂ දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇති කරගන්නා එකඟත්වය.
දේශපාලන ස්වාධිපත්‍යය
නා. ව්‍යවස්ථාදායකය සතු අධිකාරි බලය.
දේශපාලනය
නා. රට පාලනය කිරීමේ කටයුතු; රට පාලනය කිරීමේ ක්‍රමය.
දේශපූර්ණත්වය
නා. රටක ඒකීයභාවය; රටක සමස්ත භාවය; එක් රටක් ලෙස පැවතීම.