සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 875
දේශභාෂා
1. නා.ප්ර. දේශීය ව්යවහාරය; රට තුළ ව්යවහාර වන භාෂාව.
2. නා.ප්ර. අන්ය දේශයන්හි ව්යවහාර වන භාෂාව; විදේශීය භාෂාව.
දේශමාමක
වි. රට කෙරෙහි ඇල්ම ඇති; රට මගේ ය යන හැඟීමෙන් යුත්.
දේශය
1. නා. රට; ජනපදය; භූමි ප්රදේශය.
2. නා. කොටස; කැබැල්ල; ඛණ්ඩය.
3. නා. තැන; ස්ථානය.
4. නා. පිටරට; විදේශය.
දේශව්යවහාරය
නා. දේශයෙහි පවත්නා ව්යවහාරය; රට තුළ පවත්නා නීති රීති හා චාරිත්ර විධි; රටෙහි සම්මත නීති රීති සම්ප්රදාය.
දේශවාත්සල්ය
නා.ප්ර. දේශයට ඇති ඇල්ම; රට කෙරෙහි පවත්නා ආදරය; දේශප්රේමය.
දේශසන්ධිය
නා. ගොඩබිම් දෙකක් එකිනෙක යා කරන පටු බිම් තීරය; මහාද්වීපයක් හෝ අර්ධද්වීපයක් යා කෙරෙන බිම් කඩ.
දේශසීමාව
නා. රටවල් දෙකක් වෙන් කරන මායිම; රාජ්ය සීමාව.
දේශාංශය
නා. ස්ථානයක මධ්යාහ්න රේඛාවත් ග්රිනිච් මධ්යාහ්න රේඛාවත් අතර, නැගෙනහිරට හෝ බටහිරට අංශක වලින් මනින ලද සමකයේ චාපය; පෘථිවියේ ධ්රැවයෙන් ධ්රැවයට වැටුණු කල්පිත රේඛා; මධ්යාහ්න රේඛා; දේශාන්තර රේඛා.
දේශාටක
වි. දේශයන්හි හැසිරෙන; දේශයන්හි සංචාරය කරන.
දේශාධිපතියා
1. නා. රටක පාලකයා.
2. නා. ප්රදේශයක් පාලනය කරන්නා; ප්රදේශාධිපතියා.
දේශාන්තර
1. වි. රටවල් අතර පවත්නා; දේශයන් අතර වන; ජාත්යන්තර.
2. වි. නා නා රටවලට අයත්; විදේශීය.
1. නා.ප්ර. විදේශය; පිටරට; අන්ය දේශය.
2. නා.ප්ර. ප්රදේශය; භූමිභාගය; බිම්පෙදෙස.
3. නා.ප්ර. දේශාංශ.
දේශාන්තර රේඛා
නා.ප්ර. ස්ථානයක මධ්යාහ්න රේඛාවත් ග්රිනිච් මධ්යාහ්න රේඛාවත් අතර නැගෙනහිරට හෝ බටහිරට අංශකවලින් මනිනු ලබන සමකයේ චාපය. (=longitude).
දේශානුකූලකෘත
(පාරිභා.) වි. රටවැසියකු බවට පත් කරන ලද; රටට උචිත පරිදි සකස් කළ; දේශීයත්වයට පත් කළ.
දේශානුරාගය
[දේශ + අනුරාගය]
නා. දේශයට පවත්නා ආදරය; රට කෙරෙහි ඇති භක්තිය; දේශය කෙරෙහි වූ ඇල්ම.
දේශීය
වි. රටට අයත්; දේශය හා සම්බන්ධ; රටෙහි වූ.
දේසදීපංකරේ
(කථා.) නා. නාඳුනන ප්රදේශය; අප්රකට ප්රදේශය; නිශ්චිත තොරතුරු නොදන්නා ප්රදේශය.
දේහ ලක්ෂණ ශාස්ත්රය
නා. ශරීර ලක්ෂණ අනු ව පුද්ගලයකු පිළිබඳ තොරතුරු උගන්වන ශාස්ත්රය; දේහ ලක්ෂණ විද්යාව.
දේහත්යාගය
1. නා. (ශරීරය අත්හැර දැමීම යනු වාව්යාර්ථයි) මරණය; මියයෑම.
2. නා. ශරීර පරිත්යාගය; දිවි පිදීම.
දේහනික්ෂේප
වි. මරණයෙන් පසු සිරුර තැන්පත් කරන; මළසිරුර තැන්පත් කරන.
දේහය
නා. ශරීරය; සිරුර; කය.
දේහාණුව
නා. (සත්ව.) සෛලයක් තුළ තිබෙන ඕනෑ ම කුඩා අංශුවක්; රුධිරයේ ඝන කොටස් හා සම්බන්ධ නොවී ද්රව හෝ ඝන හෝ පූරකයක නිදැල්ලේ තිබෙන සෛලයක්.
දේහිනිය
නා. කාන්තාව; ස්ත්රිය.
දෛනික
වි. දිනය හා සම්බන්ධ; දිනයට අයත්.
දෛවඥයා
නා. නක්ෂත්රය උගත් තැනැත්තා; නක්ෂත්රය ඉවහල් කොට ගෙන යම් පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ අනාවැකි කියන්නා.