නළාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිඹීමෙන් හඬ නංවන භාණ්ඩයක්.
2. නා. කටින් හෝ වෙනයම් ක්‍රමයකින් රන්ධුයක් තුළ වාතය චලනය කරවීමෙන් හඬ නංවන උපකරණය.
3. නා. කර්මාන්තශාලා වැඩපොළවල් ආදියෙහි වේලාව දැක්වීම ආදිය සඳහා නාද කරන උපකරණය.
4. නා. හෘද ස්පන්දනය මඟින් රෝගීන් පරික්ෂා කිරීම සඳහා වෛද්‍යවරුන් භාවිත කරන උපකරණය; වෙද නළාව; ස්ටෙතස්කෝපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිඹීමෙන් හඬ ගෙන දෙන සංගීත භාණ්ඩයක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bugle
2. n. flute
3. n. horn
4. n. pipe
5. n. reed
6. n. whistle