සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 896
නහාපිතයා
නා. හිස රැවුල් බාන පුද්ගලයා; කරනවෑමියා; බාබර්.
නහුතය
නා. අති විශාල සංඛ්‍යාවක්; කෝටි ප්‍රකෝටි සියය; ප්‍රකෝටි දස දහස; කෝටි ලක්ෂය.
නළ
1. නා.ප්‍ර. බටය; නාළය; පයිප්පය.
2. නා.ප්‍ර. උණ බට ආදියෙහි පර්වය; නෙළුඹු ආදියෙහි පුරුක.
3. නා.ප්‍ර. නෙළුම් නටුව; පියුම් දණ්ඩ.
4. නා.ප්‍ර. නාට්‍යය; රඟදක්වන්නා; නළුවා හෝ නිළිය.
5. නා.ප්‍ර. සමූහයා; රංචුව.
6. නා.ප්‍ර. නැළිය.
නළ කටුව
(පාරිභා.) නා. ශරීරය හිල් කොට ද්‍රව පිටත ගැනීම සඳහා භාවිත ශල්‍ය උපකරණයක්.
නළ දත
නා. දත් ඇන්දෙහි ඇතුළතින් හෝ පිටතින් තිබෙන දත; දත් පේළියෙන් පිට පැන තිබෙන දත.
නළ දරුවා
නා. නළයක් තුළ සංසේවනය කොට කලලය මාතෘ ගර්භයකට ඇතුළු කිරීමෙන් ජනිත කරවනු ලබන දරුවා.
නළ පුඩුව
(පාරිභා.) නා. ලෝහ හෝ වෙනත් ද්‍රව්‍යයකින් නිමවන ලද නළයක් සහිත පුඩුව (=piped loop).
නළ යතුර
(පාරිභා.) නා. ලොකු ඉස්කුරුප්පු ඇණ ගැලවීම සහ සවි කිරීම සඳහා මැද නළයක් සහිතව සාදා ගැනෙන අඬුව.
නළ ළිඳ
නා. පොළොව යටට නළයක් බස්වා, එහි මුදුනේ සවි කර ඇති පොම්පයක මාර්ගයෙන් ජලය ලබාගත හැකි ළිඳ.
නළකරුවා
නා. උණ බට, වේවැල් ආදි පතුරුවලින් භාණ්ඩ සාදන්නා; නළකරුවා; කුළුපොත්තා.
නළඟන
නා. නර්තනයෙහි යෙදෙන ස්ත්‍රිය; නාට්‍යයක රඟපෑමෙහි යෙදෙන කාන්තාව; නාටිකාඞ්ගනාව; නිළිය.
නළල
නා. ඇස් බැම සහ කේශ පද්ධතිය අතර පිහිටි මුහුණ කොටස; ලලාටය.
නළල් පට
නා. නළලෙහි පලඳිනු ලබන අලංකාර ආභරණයක්.
නළවනවා
ක්‍රි. බිලිඳුන් සනසනවා; සුරතල් කරනවා; පරක් කරනවා.
2. රවටනවා; වංචා කරනවා; මුළා කරනවා.
නළාව
1. නා. පිඹීමෙන් හඬ නංවන භාණ්ඩයක්.
2. නා. කටින් හෝ වෙනයම් ක්‍රමයකින් රන්ධුයක් තුළ වාතය චලනය කරවීමෙන් හඬ නංවන උපකරණය.
3. නා. කර්මාන්තශාලා වැඩපොළවල් ආදියෙහි වේලාව දැක්වීම ආදිය සඳහා නාද කරන උපකරණය.
4. නා. හෘද ස්පන්දනය මඟින් රෝගීන් පරික්ෂා කිරීම සඳහා වෛද්‍යවරුන් භාවිත කරන උපකරණය; වෙද නළාව; ස්ටෙතස්කෝපය.
නළියනවා
ක්‍රි. ඒ මේ අතට ඇඹරෙනවා; දඟලනවා; පොපියනවා; දඟර දමනවා.
නළුව
නා. රඟ දැක්වීම; රැඟුම; නාටකය.
නළුවා
නා. නැටුම් නටන්නා; රඟපාන තැනැත්තා.
න්‍යෂ්ටිය
1. නා. සෛලයක් තුළ ඇති ප්‍රධාන අවයවය.
2. නා. පරමාණුවක ධන අරෝපිත ප්‍රෝටෝන සහ ආරෝපිත නොවූ නියුට්‍රෝන යන දෙවර්ගයෙන් මූලික වශයෙන් සකස් වූ කේන්ද්‍රීය කොටස.
න්යස්ටිකාව
(පාරිභා.) නා. සෛල න්යස්ටියක් තුළ පිහිටන ගෝලාකාර දේහයක්.
න්‍යාය
1. නා.ප්‍ර. ක්‍රමය; පිළිවෙළ; විධිය.
2. නා.ප්‍ර. ප්‍රතිපත්තිය; නීතිය; නියමය; මූලධර්මය; සූත්‍රය; සිද්ධාන්තය.
3. නා.ප්‍ර. ආස්තික දර්ශනය; හේතු විද්‍යාව; විවාද ශාස්ත්‍රය; තර්ක ශාස්ත්‍රය.
න්‍යාය දර්ශනය
නා. භාරතයේ පහළ වු දර්ශන ශාස්ත්‍රයක්.
න්‍යාය පත්‍රය
නා. සභා රැස්වීම් ආදියෙහි සභාවාරයකදී කළ යුතු වැඩ කටයුතු අනුපිළිවෙළින් දක්වන ලේඛනය.
න්‍යායානුගත
වි. නීතියට අනු පවතින.