නළ

naḷa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බටය; නාළය; පයිප්පය.
2. නා.ප්‍ර. උණ බට ආදියෙහි පර්වය; නෙළුඹු ආදියෙහි පුරුක.
3. නා.ප්‍ර. නෙළුම් නටුව; පියුම් දණ්ඩ.
4. නා.ප්‍ර. නාට්‍යය; රඟදක්වන්නා; නළුවා හෝ නිළිය.
5. නා.ප්‍ර. සමූහයා; රංචුව.
6. නා.ප්‍ර. නැළිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නාළය; බටය උණ බට ආදී තෘණ ශාක විශේෂය (පා. නළ) 2. ද්‍රව වර්ග මනින මානයක්; නැළිය/ මල් නටුව (පා. නාළී) 3. රඟ දක්වන්නා/ නාට්‍යය; නැටුම (පා. සං. නාටක)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. බට ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කුලල් බට.
√ චු. සස්සනෙ, වැටීමෙහි, නළෙති, වැටෙයි. (පි. 333)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. tubing

Digital Pāḷi Dictionary