බුද්ධදත්ත පාලි අකාරාදිය – 355

නස්සන

න. නැසී යාම; විනාශය.

නස්සන්ත

3. නැසෙන; නැසෙමින්.

නස්සමාන

3. නැසෙන; නැසෙමින්.

නස්සිත්වා

පූ.ක්‍රි. නැසී; විනාශ වී.

නස්සිතුං

නි. නැසෙන්ට; විනාශවෙන්ට.

නහාත

3. නෑවාවූ.

නහාන

න. නෑම.

නහානිය

න. නහනු; නානු; නෑමට උවමනා සබන් ආදිය.

නහාපක

3. නාවන්නා.

නහාපන

න. නෑවීම.

නහාපිත

3. නාවන ලද; පු. අම්බැට්ටයා; බාබර.

නහාපෙත්වා

පූ.ක්‍රි. නාවා.

නහාපෙති

(නහ+ණාපෙ) නාවයි.

නහායති

(නහ+ණය) නායි; නෑම කරයි.

නහායිත්වා

පූ.ක්‍රි. නා; නාලා.

නහායිතුං

නි. නාන්ට.

නහාරු

පු. නහරය.

නහාරුදද්දුල

න. නහර වැදැල්ල.

නහුත

න. දසදහස.

නළ

පු. බට ගස.

නළකලාප

පු. බටලී මිටිය.

නළකාර

පු. කුළුපොත්තා; බට ලීයෙන් කර්මාන්ත කරන්නා.

නළමීණ

පු. ඉස්සා.

නළාගාර

න. බටලී ගෙය.