බුද්ධදත්ත පාලි අකාරාදිය – 354

නයිත්වා

පූ.ක්‍රි. ගෙන ගොස්.

නර

පු. මනුෂ්‍යයා; මිනිසා.

නරක

පු. දුක් දෙන තැන; නරකය; නිරය.

නරකග්ගි

පු. නිරය ගින්න.

නරදෙව

පු. රජ.

නරවීර

පු. බුදුරද; වීර පුරුෂයා.

නරසීහ

පු. බුදුරද; ශ්‍රේෂ්ඨ පුරුෂයා.

නරාධම

පු. අධම මිනිසා.

නරාසභ

පු. අති උතුම් මිනිසා; බුදුරද.

නරුත්තම

පු. උතුම් මිනිසා; බුදුරද.

නලාට

පු. නලළ.

නලිනී

ඉ. පියුම් විල.

නව

3. අභිනව; අලුත්; නවය.

නවක

3. අලුත් වූ; අලුතෙන් පැමිණි.
න. අලුත උපසම්පදාව ලැබූ භික්ෂූ නම; නවයේ සමූහය.

නවකතර

3. ඉතා අලුතෙන් පැමිණි; වඩා බාල වූ.

නවකම්ම

න. අලුත් කර්මාන්තය.

නවකම්මික

3. ගොඩනැගිලි සාදන්නා; වැඩ කරන්නා.

නවඞ්ග

3. කොටස් නවයක් ඇති.

නවනවුති

ඉ. අනූ නවය.

නවනීත

න. වෙඬරු.

නවම

3. නවවෙනි.

නවමී

ඉ. මා‍සයේ නවවෙනිදා.

නවුති

ඉ. අනූව.

නස්සති

(නස+ය) නැසේ; විනාශ වේ.