බුද්ධදත්ත පාලි අකාරාදිය – 353

නමති

(නමු+අ) අවනත වේ; නැමේ.

නමන

න. නැමීම; හැකිළීම.

නමන්ත

3. නැමෙන; නැමෙමින්; වඳිමින්.

නමනා

ඉ. නැමීම; හැකිළීම.

නමස්සති

(නමස්ස+අ) නමස්කාර කරයි; වඳියි.

නමස්සන

න. වැඳීම.

නමස්සන්ත

3. වඳින; වඳිමින්.

නමස්සනා

ඉ. වැඳීම.

නමස්සමාන

3. වඳින; වඳිමින්.

නමස්සිත්වා

පූ.ක්‍රි. වැඳ.

නමස්සිතුං

ඉ. වඳින්ට.

නමස්සිය

පූ.ක්‍රි. වැඳ.
3. වැන්ද යුතු.

නම්මදා

ඉ. නර්මදා ගඟ.

නමිත

3. නමස්කාර කළ.

නමිත්වා

පූ.ක්‍රි. නමස්කාර කොට; නැමී.

නමුචි

පු. මාරයා.

නමෙත්වා

පූ.ක්‍රි. නමා.

නමො

නි. නමස්කාර වේවා.

නය

පු. ක්‍රමය; න්‍යාය; පිළිවෙළ.

නයති

(නි+අ) ගෙනයයි; පමුණුවයි.

නයන

න. ඇස; ගෙනයාම.

නයනාවුධ

පු. යම රජ.

නය්හති

(නහ+ය) වෙළනු හෝ ඔතනු ලැබේ.

නය්හන

න. එතීම; වෙළීම.