බුද්ධදත්ත පාලි අකාරාදිය – 352

නදීතීර

න. ගං ඉවුර.

නදීදුග්ග

න. ගංගා නිසා යාමට අපහසු තැන.

නදීමුඛ

න. ගංමෝය.

නනන්දා

ඉ. නෑනා; සැමි‍යා‍ගේ සොහොයුරිය.

නන්තක

න. රෙදි කැබැල්ල; රෙදිකඩ; රෙදිමාල්ල.

නන්ද

3. නමක්; සතුටු වන්නා.

නන්දක

3. සතුටු වන්නා.

නන්දති

(නන්ද+අ) ප්‍රීතිමත් වේ; සතුටු වේ.

නන්දන

න. එනම් ඇති උයන; සතුටු වීම.

නන්දනා

ඉ. සතුටු වීම.

නන්දි

ඉ. තෘෂ්ණාව; සතුට.

නන්දික්ඛය

පු. තෘෂ්ණාව නැසීම.

නන්දිතබ්බ

3. සතුටු විය යුතු.

නන්දිත්වා

පූ.ක්‍රි. සතුටු වී.

නන්දිතුං

නි. සතුටු වන්ට.

නන්දිරාග

පු. කාමයෙහි ඇලීම; තෘෂ්ණාව.

නන්දිසංයොජන

න. තෘෂ්ණා නැමැති බැම්ම.

නන්ධති

(නධි+ංඅ) වෙළා බඳී.

නන්ධි

ඉ. යොත; සම් පටිය.

නනු

නි. නොවේද?; ප්‍රශ්න කිරීමේ හෝ අනිශ්චිතාර්තයෙහි නිපාතයක්.

නපුංසක

න. නපුංසක ලිඞ්ගය; නපුංසකයා; පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් නොවූ පුද්ගලයා.

නභ

පු. න. අහස.

නම

පු. නැමීම.

නමක්කාර

පු. නමස්කාරය; හිස පහත්කොට වැඳීම.