බුද්ධදත්ත පාලි අකාරාදිය – 351

නට්ඨ

3. නැති වූ; විනාශ වූ; සොයාගත නොහැකි.

නත

3. අවනත වූ; නැමුණු; යටත් වූ.

නත්තක

පු. නටන්නා‍; නෘත්‍යය කාරයා.

නත්තන

න. නැටීම.

නත්තමාල

පු. කරඳ ගස.

නත්තු

පු. මුනුබුරා.

නත්ථි

(න+අත්ථි) නැත්තේය.

නත්ථිකදිට්ඨි

ඉ. නාස්තික දෘෂ්ටිය; පුනරුප්පත්තිය හා කර්මවිපාක නැත යන දෘෂ්ටිය.

නත්ථිකවාදී

3. නාස්තික දෘෂ්ටිය ඇති.

නත්ථිතා

ඉ. නැති බව.

නත්ථිභාව

පු. නැති බව.

නත්ථු

ඉ. නාසය; නාසිකාව.

නත්ථුකම්ම

න. නස්‍යය; නාසයට හිතවත් බෙහෙත් වත් කිරීම.

නති

ඉ. අවනත වීම; නමස්කාරය; නැමීම.

නදති

(නද+අ) නාද කෙරේ.

නදන

න. නාද කිරීම.

නද්ධ

3. පැලඳගත්; බඳින ලද; යොදාගත්; වෙළන ලද.

නද්ධි

ඉ. වරපට; සම් පටිය.

නදිත

න. නාදය.

නදිතබ්බ

3. නාද කළ යුතු.

නදිත්වා

පූ.ක්‍රි. නාද කොට.

නදිතුං

නි. නාද කරන්ට.

නදී

ඉ. ගඟ.

නදීකූල

න. ගං ඉවුර.