බුද්ධදත්ත පාලි අකාරාදිය – 356

න්හාත

3. නෑවාවූ.

න්හාන

න. නෑම.

න්හාරු

පු. නහරය.

න්‍යාස

පු. උකස.

නාක

පු. දෙව්ලොව.

නාග

පු. ඇතා; උත්තමයා; නයා; නා ගස; බුදුරද.

නාගදන්ත

න. ඇත් දත; කිසිවක් එල්ලීමට බිත්තියේ සවිකළ කොක්ක.

නාගදන්තක

න. ඇත් දත; කිසිවක් එල්ලීමට බිත්තියේ සවිකළ කොක්ක.

නාගපුප්ඵ

න. නාමල.

නාගබල

3. ඇතකුගේ ශක්තිය ඇති.

නාගබලා

ඉ. කෑලිය පැලෑටිය.

නාගභවන

න. නා ලොව.

නාගමාණවක

පු. නාග වර්ගයේ තරුණයා.

නාගමාණවිකා

ඉ. නා මෙණවිය; නාග තරුණිය.

නාගර

පු. නුවර වැසියා.

නාගරාජ

පු. නා රජ.

නාගරික

3. නුවර වැසි; නුවරට අයත්.

නාගරුක්ඛ

පු. නා ගස.

නාගලතා

ඉ. බුලත් වැල.

නාගලොක

පු. නා ලොව.

නාගවන

න. ඇතුන් වසන වනය.

නාටක

න. නාට්‍යය.

නාටකිත්ථි

ඉ. නටන්නී; නාට්‍ය දක්වන්නී.

නාටිකා

ඉ. නටන්නී; නාට්‍ය දක්වන්නී.