නාග
nāga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දැඩි විස ඇති සර්ප විශේෂයක්; නයා: නාගයා.
2. නා.ප්ර. ඇතා; හස්තියා
3. නා.ප්ර. නාග ගෝත්රයට අයත් මිනිසා.
4. නා.ප්ර. උපසම්පදාපේක්ෂක භික්ෂුව.
5. නා.ප්ර. සුවඳැති රේණු සහිත සුදුමල් පිපෙන වෘක්ෂයක්; නාගස.
6. නා.ප්ර. පොළෝ සහ සාගර පත්ලෙහි විමානවල වසතැයි විශ්වාසයට පත් ඍධිබල සහිත අමනුෂ්ය පිරිසක්; දිව්ය නාගයෝ.
7. නා.ප්ර. කෙලෙස් නැසූ පුද්ගලයා; රහතුන් වහන්සේ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඇතා; උත්තමයා; නයා; නා ගස; බුදුරද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සර්ප, හස්ති, නාග වෘක්ෂ, ශ්රේෂ්ඨ, බුදුරජ, සිරියල්. (පි. 333)
Digital Pāḷi Dictionary
- nāga 4 masc noble person; great man; epithet of an arahant; epithet of the Buddha
- nāga 3 masc tusker; bull elephant
- nāga 1 masc snake; serpent; cobra
- nāga 2 masc dragon; drake; supernatural shape-shifting serpent
- nāga 5 masc stallion; thoroughbred
- nāga 6 masc massive bull; strong ox
- nāga 7 masc huge tree
- nāga 8 masc massive man; giant