සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 897

න්‍යායානුසාර

ක්‍රි.වි. ක්‍රමයට හෝ සම්මතයට අනුරූපවීම පිළිවෙළක් හා ගැළපීම.

න්‍යායානුසාරී

වි. තර්කයට අනු ව යන; තර්කානුකූල.

න්‍යායාලය

නා.ප්‍ර. නීති විසඳන ශාලාව; විනිශ්චය ශාලාව.

නා

වි. නායක වූ; ප්‍රධාන; අධිපති; ශ්‍රේෂ්ඨ.
1. නා.ප්‍ර. නායකයා; ප්‍රධානයා.
2. නා.ප්‍ර. සර්පයා.
3. නා.ප්‍ර. නාගයා.
4. නා.ප්‍ර. නාගලෝකයේ ඇතැයි සැලකෙන දිව්‍ය නාගයා.
5. නා.ප්‍ර. උතුම් පුද්ගලයා; ආරක්ෂකයා.
6. නා.ප්‍ර. නාදය; රාවය.
7. නා.ප්‍ර. අනාගත කාලය.

නා තලය

නා. නාග ලෝකය; නාග භවනය, රසාතලය.

නාකපනා වැස්ස

නා. (කල්පය විනාශවීමට හේතුවන වර්ෂාව යනු වාච්‍යාර්ථයි) අධික වර්ෂාව; ඉතා තද වැස්ස.

නාග

1. නා.ප්‍ර. දැඩි විස ඇති සර්ප විශේෂයක්; නයා: නාගයා.
2. නා.ප්‍ර. ඇතා; හස්තියා
3. නා.ප්‍ර. නාග ගෝත්‍රයට අයත් මිනිසා.
4. නා.ප්‍ර. උපසම්පදාපේක්ෂක භික්ෂුව.
5. නා.ප්‍ර. සුවඳැති රේණු සහිත සුදුමල් පිපෙන වෘක්ෂයක්; නාගස.
6. නා.ප්‍ර. පොළෝ සහ සාගර පත්ලෙහි විමානවල වසතැයි විශ්වාසයට පත් ඍධිබල සහිත අමනුෂ්‍ය පිරිසක්; දිව්‍ය නාගයෝ.
7. නා.ප්‍ර. කෙලෙස් නැසූ පුද්ගලයා; රහතුන් වහන්සේ.

නාග කන්‍යාව

නා. (නාලොව වෙසෙතැයි සිතන) නාග මානවිකාව.

නාග දන්තය

නා. ඇඳුම් ආදිය එල්වීම පිණීස ඇත් දළයක හැඩයෙන් තනා ඇති කොක්ක; බෝල කූඩුව.

නාගමාණික්‍යය

නා. (කථා.) ඇතැම් නාගයන්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කරන මැණික; කණ්ඨමාණික්‍යයය; නාගමිණ.

නාගර

1. නා.ප්‍ර. සංස්කෘත භාෂාව ලිවීමේ දී භාවිත කරනු ලබන අකුරු; දේවනාගරී.
2. නා.ප්‍ර. අපභ්‍රංශ ගණයේ ප්‍රාකෘත උපභාෂාවක්.
3. නා.ප්‍ර. සර්ප විෂ.
4. නා.ප්‍ර. අමු කජු.

නාගරයා

නා. ධූර්තයා; සල්ලාලයා.

නාගරික

වි. නගරවැසි; නගරබද; නගරයෙහි වූ; නගරයට අයත්; නුවර ඇසුරු කරන.

නාගරික සමූහිතය

(පාරිභා.) නා. නගරයක විවිධ ප්‍රදේශ සමූහය; නාගරික දිස්ත්‍රික්ක එකතුව.

නාගරේඛා

නා.ප්‍ර. (භූගෝලීය චිත්‍රයක කඳු වැටි දැක්වීමට අඳින) සේයා රේඛා හෙවත් කඩ ඉරි.

නාගලතා

නා.ප්‍ර. බුලත්වැල; නාලිය.

නාගලෝකය

නා. (පොළෝ සාගර, විල් ආදිය යට පිහිටා ඇතැයි සැලකෙන) නාගයන්ගේ වාසස්ථානය; නාලොව.

නාගවිභ්‍රමය

නා. ඇතාගේ ගමන් විලාසය; ගජ ගමනාකාරයෙන් යන ගමන.

නාටක

වි. රඟන; නටන්නා වූ; නාට්‍ය පිළිබඳ.

නාටකය

1. නා. නාට්‍යය; නෘත්‍යය; නාඩගම.
2. නා. දෘශ්‍යකාව්‍යය; නාට්‍යග්‍රන්ථය.
3. නා. අයෝග්‍ය හැසිරීම.
4. නා. නොමනා ක්‍රියාකලාපය.

නාට්‍ය

වි. නෘත්‍යයට අයත්; රැඟුමට සම්බන්ධ.

නාට්‍ය දර්ශකය

(පාරිභා.) නා. සංගීත නාටක නැරඹීම සඳහා භාවිත කරන කුඩා දුර දක්නා කන්නාඩි විශේෂය.

නාට්‍ය රසය

නා. නාට්‍යයක් නැරඹීමෙන් ලැබෙන සියුම් රස වින්දනය.

නාට්‍ය ශාස්ත්‍රය

නා. නාට්‍ය පිළිබඳ ශාස්ත්‍රය; නාට්‍ය කලාව.