අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 165
නර්තනය
නා. නැටීම; නෘත්‍යය/ අලංකාර දර්ශනය; දෘශ්‍ය කාව්‍යය (සං. නර්තන)
නර්මාලාප
නා.ප්‍ර. හාස්‍යය උපදවන කථාව (සං. නර්මාලාප)
නරාවළ
නා. කඳක් දිරා ගිය තැන වූ බිම් සිදුර/ ගැඹුරු වළ
නරේන්ද්‍රයා
නා. රජ; නරපතියා (සං. නරෙන්ද්‍ර)
නරේශ්වරයා
නා. රජු (සං. නරෙශ්වර)
නල
1. නා.ප්‍ර. හමන වායුව; මඳ සුළඟ; පවන (පා. සං. අනිල) 2. ගින්න; අග්නිය (සං. අනල)
නලිනී
නා.ප්‍ර. නෙළුම; පියුම/ වෛශ්රවණගේ රාජධානියට ව්‍යවහාර කළ නාමය; ආලකමන්දාව (සං. නලිනී)
නවකථාව
නා. නිර්මාණාත්මක ගද්‍ය ප්‍රබන්ධය
නවගුණවැල
නා. භාවනාවට යොදා ගන්නා ඇට මාලය
නවදැලි හේන
නා. වල් කොටා පුලුස්සන ලද බිම; පුලුස්සා අලුතින් සැකසූ හේන
නවනළු රස
නා.ප්‍ර. නාට්‍යයකින් ලැබිය හැකි ශෘංගාර, හාස්‍ය, කරුණ ආදි වූ නව විධ රසයන්
නව්‍ය
වි. අලුතින් ඇති කරන ලද; අලුත සැකසුණු (සං. නව්‍ය)
නවාංශකය
නා. ජ්‍යෝතිෂයෙහි කියැවෙන රාශියක් නවයකට බෙදනු ලැබූ කොටස
නවීකරණය
නා. නව තාලයට සකස් කිරීම; අලුත් මුහුණුවරක් ගැන්වීම; අලුත් කිරීම
නවීන
වි. නූතන; අලුත්/පළපුරුද්දෙන් අඩු; ආධුනික (සං. නවීන)
නවෝදය
නා.ප්‍ර. අලුත් පිබිදීම (සං. නවොදය)
නෂ්ට
වි. විනාශ වූ; වැනසුණු/ ව්‍යර්ථ වූ; කඩ වූ/ අප්‍රකට; සැඟවුණු (සං. නෂ්ට)
නෂ්ටකාමය
නා. පුරුෂ ශක්තිය හීන වී යෑම
නෂ්ටාවශිෂ්ට
වි. නෂ්ටාවශේෂ
නෂ්ටාවශේෂ
වි. අභාවයට ගොස් ඉතිරි වූ; නැසී වැනසී ගොස් ශේෂ වූ
නස්නය
නා. නාසය මඟින් බෙහෙත් තෙල් ආදිය මොළයට පිවිසවීම; නස්‍ය කර්මය (සං. නස්‍ය)
නළ
1. නා.ප්‍ර. නාළය; බටය උණ බට ආදී තෘණ ශාක විශේෂය (පා. නළ) 2. ද්‍රව වර්ග මනින මානයක්; නැළිය/ මල් නටුව (පා. නාළී) 3. රඟ දක්වන්නා/ නාට්‍යය; නැටුම (පා. සං. නාටක)
නළ දරුවා
නා. නළයක් තුළ කලලයක් උපදවා මවු දරු ගැබට ඇතුළු කොට බිහිකරන දරුවා
නළ ළිඳ
නා. පොළොව යටට යාන්ත්‍රික නළයක් බස්වා සාදන ළිඳ