ප්‍රණාලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිය නළය ; දිය ගලා ගෙන යන බටය ; දිය කෙමිය.
2. දිය පිට වෙන සිදුර ; පීල්ල.
3. චක්‍ර නාභියෙහි සවි කරන ලද යකඩ නළය ; චක්‍ර නාභියෙහි පුනුව.
4. නිම්න රේඛාව.
5. ක්‍රියාදාමය ; පාලනය පිළිබඳ ක්‍රියාවලිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දිය ගෙන යන නලය/ පීල්ල/ සොරොව්ව/ නිම්න රේඛාව (සං. ප්‍රණාලි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. catena
2. n. conduit
3. n. gutter