සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1027
ප්රජානනය
(පාරිභා.) නා. 1. ප්රඥාවෙන් දැනගැන්ම.
2. (දර්ශන.) විෂය වස්තුවක් හා මනස ගැටීමේ දී පුද්ගලයකු තුළ ඇති වන නිර්විකල්ප දැනීම සවිකල්පිත දැනීමක් බවට පත් වීම හෙවත් එම ඥානය.
ප්රජාපතී
1. නා.ප්ර. වේදයෙහි දැක්වෙන විශ්ව මැවුම්කරු ; මහා බ්රහ්මයා.
2. මිනිස් වර්ගයාට මුල් වූ තැනැත්තා ; රටවැසියාගේ නායකයා ; රජ.
3. දේවතාවෙක්.
4. පියා.
5. මව.
6. බෑනා.
7. භාර්යාව ; බිරිය.
8. ඉර ; සූර්යයා.
9. ගින්න.
10. (ජ්යෝති.) නව ආකාර කාල ප්රභේදයෙන් එකක් ; කාලය මනින ක්රමයක්.
ප්රජාව
1. නා. සත්ව සමූහය ; ලෝකවාසි සත්වයා.
2. මනුෂ්ය වර්ගයා ; ජනතාව.
3. දරු සමූහයා ; දරු පරපුර.
4. යටත් වැසියා ; රට වැසියා.
5. වංශය ; පරම්පරාව.
ප්රජාහිත ඒකාධිපතිත්වය
(පාරිභා.) නා. ජනතාවට හිතවත් ඒකාධිපතිබව ; රටවැසියන්ට හිතකර වූ ආඥාදායක ක්රමය.
ප්රජීව
(පාරිභා.) නා.ප්ර. (ජීව.) විශ්වයේ මුල් ම ජීවින් කොටසක් ; ප්රථම ජීවියා ; ප්රෝටෝසෝවා.
ප්රඥප්ති ධර්මය
නා. ලෝක ව්යවහාරයෙන් පනවන ලද ස්වභාවය ; පැන වූ දහම ; සම්මතයෙන් ප්රකාශයට පත් කළ දෙය ; සත්ය වශයෙන් නැති, එහෙත් ඇතැම් සම්මත කළ දෙය.
ප්රඥප්තික
වි. ව්යවහාර වූ ; සම්මුතියට අනුකූල වූ ; පණවන ලද්දා වූ ; ප්රඥප්ත වූ.
ප්රඥප්තිය
1. නා. පැනවූ දෙය ; නියෝගය ; පනත.
2. ව්යවහාරය ; සම්මුතිය ; පනවා ගන්නා ලද්ද ; සංඥාව.
3. හැඳින්වීම ; නාමය.
4. බෙදා බලන කල්හි මුල් ස්වරූපය අභාවයට යන සියල්ල.
5. (ධර්ම දේශනාවෙන්) නොයෙක් ලෙසින් සිත සතුටට පත් කිරිම.
6. බුද්ධිය විවිධාකාරයෙන් තියුණු කිරීම ; ප්රකර්ෂයෙන් දැනුම්දීම.
ප්රඥා පාරමිතා
නා.ප්ර. බුද්ධත්වය ප්රාර්ථනා කරන බෝධිසත්වයන් විසින් ඥාන උපරිමත්වය පිළිබඳ ව සම්පූර්ණ කළ යුතු පාරමිතාව.
ප්රඥාගෝචර
වි. නුවණට විෂය වන ; නුවණට ගැලපෙන ; නුවණට හුරු.
ප්රඥාධිකයා
නා. නුවණ වැඩි තැනැත්තා ; ප්රඥාව අධික වූ බෝධිසත්වවරයා.
ප්රඥාධුර
වි. ප්රඥාවෙන් යුක්ත ; නුවණ ඇති.
ප්රඥාමය
වි. ප්රඥාව පෙරදැරි කරගත් ; නුවණ ප්රධාන වූ.
ප්රඥාව
1. නා. යම්කිසි ධර්මයක යථා ස්වභාවය දැනගන්නා නුවණ ; ඥානය ; ප්රකර්ෂයෙන් දැනීම ; විශේෂයෙන් දැනගැනීම.
2. (පාරිභා.) (දර්ශන.) ලෝකෝත්තර ඥානය.
3. (පාරිභා.) (දර්ශන.) දිව්යමය ඥානය.
4. සිහිය.
5. සමර්ථකම.
6. පාණ්ඩිත්යය.
ප්රණත
ක්රි.වි. බැතියෙන් හිස නැමූ ; බෙහෙවින් අවනත වූ ; ප්රකර්ෂයෙන් නැමුණු ; ගෞරවයෙන් නැමුණු ; නමස්කාර කරන ලද.
ප්රණතිය
1. නා. විශේෂයෙන් මූර්ති වැනි වස්තුවල පෙනෙන නෙරුම ; ඉල්පීම ; මතුවී තිබීම.
2. වැඳීම.
ප්රණය
1. නා.ප්ර. ප්රේමවන්තයන් ඔවුනොවුන් කෙරෙහි දක්වන ස්නේහය ; ආදරය ; ප්රේමය ; ඇල්ම.
2. ප්රීතිය ; සොම්නස ; සැපය.
3. නිර්වාණය.
4. විශ්වාසය.
5. රැස් කිරීම.
6. ඉල්ලීම ; යාච්ඤාව ; ආයාචනය.
ප්රණව
1. නා.ප්ර. වේදපාඨ මන්ත්රවල මුල යෙදෙන 'ඕම්' ශබ්දය ; ඕම්කාරය.
2. ඊශ්වර දෙවියා හැඳින්වෙන නාමයක්.
3. බ්රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්රිමූර්තිය.
ප්රණාමය
1. නා. වැඳීම නමස්කාරය ; වන්දනය.
2. නෙරපීම ; එළවීම ; බැහැර කිරීම ; පිටමං කිරීම.
ප්රණාල
1. නා.ප්ර. සිදුර සහිත බටය ; නාළය ; පෙණෙල.
2. පිල්ල ; අගල ; කාණුව.
3. (පාරිභා.) තරලයක් ගෙන යන්නා වූ සෛලමය නළය.
ප්රණාලිකාව
1. නා. පීල්ල ; දිය බැස යන කානුව.
2. සොරොවුව.
3. (පාරිභා.) ඉතා සිහින් කුහරයකින් යුත් ප්රණාලය ; කුඩා සෛලමය නළය.
ප්රණාලිය
1. නා. දිය නළය ; දිය ගලා ගෙන යන බටය ; දිය කෙමිය.
2. දිය පිට වෙන සිදුර ; පීල්ල.
3. චක්ර නාභියෙහි සවි කරන ලද යකඩ නළය ; චක්ර නාභියෙහි පුනුව.
4. නිම්න රේඛාව.
5. ක්රියාදාමය ; පාලනය පිළිබඳ ක්රියාවලිය.
ප්රණිධිය
1. නා.ප්ර. සිත මනා සේ පිහිටුවීම (පළමු කොට) චිත්තය නිසි ලෙස තබා ගැනීම (ආත්මය) මනා සේ ප්රතිෂ්ඨාපනය කිරීම ; සමාධාන කෘත්යය.
2. ප්රාර්ථනය ; අපේක්ෂාව ; පැතුම ; බලාපොරොත්තුව.
3. නීතිමය කාර්යය ; නීතිප්රකාර ක්රියා කිරීම; නෛතික ක්රියා විධිය.
4. (පාරිභා.) චේතනාව ; අභිලාෂය.
ප්රණිපාත
නා.ප්ර. වැඳීම ; දෙපා ළඟ වැඳ වැටීම ; ගෞරවාභිවාදනය ; ප්රණාමය ; නමස්කාරය.